IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යටවෙන බොරුපන ගැන එකිනෙකාට චෝදනා කරති

(රේඛා තරංගනී ෆොන්සේකා)

පහුගිය වැසි සමයේ ඇති වූ ගංවතුරට පවා යටනොවුණු මොරටුව බොරුපන ප්‍රදේශය වර්තමානයේදී සුළු වැස්සකට පවා යටවන බවත් කරදියාන කුණු කන්ද ප්‍රදේශයෙන් අක්‍රමවත්ව වේරැස් ගඟ ගොඩ කිරීම මීට හේතුව බවත් බොරුපන තෙලවල ප්‍රදේශවාසීහු පවසති.

පළාතේ මන්ත්‍රීවරයා සහ ග්‍රාමසේවක මිස මැතිවරණ පැවැත්වෙන සමයේදී ඡන්දය වෙනුවෙන් ඩිපෙන්ඩර් රථ වලින් එහි පැමිණි ඇමතිවරු කිසිවකු ප්‍රදේශය යටත්වීමෙන් පසු එහි නොපැමිණි බවත් ඔවුහු කීහ.

මේ දිනවල පවතින වැසිබර කාලගුණික තත්වය හේතුවෙන් මොරටුවේ  ග්‍රාම සේවා වසම් 12ක් ජල ගැල්මට ලක් වූ අතර 3782ක පිරිසක් අවතැන් වී සිටිති.

මේ සම්බන්ධයෙන් ජනතාව මෙන්ම තෙලවල කොට්ඨාසයේ  නාගරික මන්ත්‍රීවරයා වන සුරේෂ් ඉන්දික මහතාද අදහස් දැක්වීය.

කරදියාන කුණු කන්ද ඉදිරියෙන් දිවෙන අතුරු මාර්ගය පුඵල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අක්‍රමවත් ලෙස ගඟ  ගොඩ කරන බව සඳහන් කරන මන්ත්‍රීවරයා එහි  අනිසි ප්‍රතිඵලයක් ලෙස ගංවතුර තත්වය ඇති වු බව ද පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා අදාළ ව්‍යාපෘතිය භාරව සිටිනුයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී කේ. රාජපක්ෂ මහතා බව පවසමින් ඔහු වෙත අප යොමු කළේය. ඒ  මහතා පැවසුවේ ව්‍යාපෘතිය ජල ගැල්මට හේතුවක් නොවු බවයි. ව්‍යාපෘතියට අනුව මාර්ගය පුළුල් කිරීමේ අරමුණින් ගං ඉවුර ගොඩ කළද මඩ ඉවත් කර ගඟ ගැඹුරට හෑරීම හේතුවෙන් ජල ගැල්මක් ඇති නොවන බව ඔහු පැවසීය.

ජල ගැල්මට හේතුව ගඟ  රක්ෂිතය ගොඩ  කර ප්‍රදේශවාසීන් ගෙවල් හැදීම බව පෙන්වා දෙන ඒ මහතා අනවසර නිවාස රැසක් ගඟේ ඉදිකර ඇතිබව පැවසීය.

ගඟ දෙපස රක්ෂිතය අහිමි වීම හේතුවෙන් ගඟ පටු වී ඇතැයි ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන රැසක් අවධානය යොමුකර ඇති බවත් ගඟ රක්ෂිතය නැවත ලකුණු කර අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් නිමාලි කරුණාරත්න මහත්මිය පැවසූයේ  ගඟ රක්ෂිතය ලෙස ගණන් ගැනෙන 1960 වර්ෂයෙ ලකුණු කොට ඇති රක්ෂිත සීමාව වේරැස් ගඟ ඉවුරේ දැන් නොමැති බවයි.

ගඟ රක්ෂිතය  ලකුණු කෙරෙන වැඩ  සටහනක් මේ දිනවල ක්‍රියාත්මක වන බව සඳහන් කරන එම මහත්මිය වසම් දොළහෙ ඇතැම් ස්ථානයන්හී ජල ගැල්මට හේතුව ගඟ ගොඩ කිරීමඅ පමණක් නොවන බව පැවසීය. කරදියාන කුණු කන්ද පසින් ඉවුර ගොඩ කිරීම බොරුපන වසම පිහිටි  දකුණු ඉවුරට බලපෑම් කලේද යන්න  නිශ්චිතව කිව නොහැකි වුවත් ගඟ මැද සිමෙන්ති අබලි දැකගත හැකි බව ඇය  පැවසුවාය.

ගඟ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක බව සඳහන් කරන ඇය පැමිණිලි ලැබුණු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට  පියයවර ගත්බව පැවසුවාය.



අදහස් (2)

යටවෙන බොරුපන ගැන එකිනෙකාට චෝදනා කරති

himal Thursday, 11 October 2018 01:11 PM

ගඟකට ඇළකට රක්ෂිතයක් ලකුණු කරාම ඒක උඩ ගෙවල් හදාගත්තා නම් වතුර වැඩි වෙද්දි යට වෙනවා තමයි. ඔය විසඳුම් ඉල්ලා මොර දෙන අයගේ ඇත්ත තත්ත්වය ඕක. තව හොඳට හොයලා බැලුවා නම් ඔය ගෙවල් වල වැසිකිළි බටත් හරවලා තියෙන්නේ ඔතනටම කියලා දැන ගන්න හැකියි.

:       0       6

Bamunuarachchi Friday, 12 October 2018 02:44 AM

රක්ෂිතවල සාදන ගෙවල් වලට අවසර දී හෝ නොදී වරිපනම් අංක දෙන්නේ කව්ද? විදුලිබලය දෙන්නේ කව්ද? ජලය සපයන්නේ කව්ද? එහෙම දෙන්න සිදුවන්නේ කාගේ බලපෑම් නිසාද? දැනට අවුරුදු 40-50 කලින් කොළඹ සහ අවට වෙල් හෝ වගුරු බිම් හැටියට තිබුනේ අවට උස ප්‍රදේශවල වැසි වතුර එකතුවූ ප්‍රදේශයි. ඒවා ගොඩකර පදිංචි උනානම් දැන් විඳවන්න. ඕවාට විසදුම් නැත.

:       0       8

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site