IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මොරගහකන්දේ පතුල සුද්ද කිරීමෙන් වන අලි ගම්වදිති

(නාඋල - ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 8000ක් වූ  ජලාශයේ පතුල සුද්ද කිරීම හේතුවෙන් වන අලින් ගම් වැදීමේ අවදානමක් පවතින බව ගම්මාන රැසක ජනතාව පවසති.

වාරි ව්‍යාපෘතියේ ජල පෝෂක කලාපය වන ඇලගමුවල තලාගොඩල කඹරව සහ කොන්ගහවෙල ආදී ප්‍රදේශ රැසක සියළුම ගස් ඉවත් කරමින් ජලාශයේ පතුල සුද්ද කිරීම මහවැලි අධිකාරීය විසින් ආරම්භ කර තිබේ.

ප්‍රදේශයේ මෙතෙක් ජීවත් වූ වන අලි ඇතුළු අනෙක් සතුන්ට ආහාර සොයා ගැනීම අභියෝගයක් වී ඇති නිසා වන අලි ආහාර සොයා ගම් වැදීම හේතුවෙන් ප්‍රදේශ රැසක වන අලි බිය ඇති වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට අලිමංකඩ ඔස්සේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ආහාර සොයා පැමිණෙන වන අලින්ගෙන් මිනිස් ජීවිත මෙන්ම තම බෝග වගාවන් රැක ගැනීම ප්‍රදේශවාසීන්ට අභියෝගයක් වී ඇත.

මේ තත්ත්වය හේතුවෙන් ජලාශයට එපිටින් පිහිටි ගම්මාන වන ඕපල්ගලල ගල්බොඩල අඹන සහ නාඋල ආදි ප්‍රදේශවලට ද ඉදිරියේදී දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවන බව ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන් වෙත දන්වා ඇත.
 
මේ සම්බන්ධයෙන් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ  එළඹෙන වැසි සමය ඉලක්ක කරගනිමින් ජලාශයේ පතුළ සුද්ද කිරීම සිදුවන බවයි.
 
එසේම ජලාශය අවට ජීවිත් වු වන අලින් හා සෙසු සතුන් සඳහා වෙනම වනජීවි කලාප ඉදිකිරීම, ගම්මානය හා ජලාශය වෙන්කරමින් ස්ථිර අලි වැටක් ඉදිකිරීම, වන අලින් සඳහා වානාන්තර තුළ වැව් ඇති කිරීම, වන වගා නැවත ඇතිකිරීම ආදී ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් පවුල් සඳහා මෙන්ම අවට ප්‍රදේශවාසීන්ගේ සුභ සිද්ධිය සඳහා විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදුවේ.



අදහස් (2)

මොරගහකන්දේ පතුල සුද්ද කිරීමෙන් වන අලි ගම්වදිති

ටී.රජින්ද Monday, 09 October 2017 07:19 AM

ගස් කපල ජලාශ හදනවා. මොන පිස්සු වැඩද? ඒ කාලේ වැව් හදනකොට රටේ 83%ක් වන ගහනය තිබුනා. දැන් 17%ක් වෙලා තියෙද්දිත් තවත් ගස් කපනවා. මේ අනුවනයින්ට තේරෙන්නේ නැද්ද ඔය හදන ජලාශ වලට ජලය පිරෙන්නේ කොහෙන්ද කියල. මේ රටේ පරිසර සංරක්‍ෂණයක් නැහැ. කරන්නෙම පුටුව කඩලා අටුව හදනවා නැත්නම් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩ. කොකා කළත් වැනසෙන්නේ පරිසරයයි එහි අහිංසක වන ජීවීන් ටිකයි විතරයි.

:       210       601

vipulaTuesday, 10 October 2017 10:38 AM

එකනේ ලගදි පටන්ගත්තේ අටු පුරවමු කොටු පනිමු කියල

:       0       11

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site