(පද්මා කුමාරී කංකානම්ගේ )
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත්,දලුව අක්කර 900 නම් වත්තේ මුරකරු විසින් අද (21 ) උදෑසන යාබද වත්තේ සිටි කම්කරුවකුට වෙඩි තබා ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු කම්කරුවා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
වෙඩි වැදුනු පුද්ගලයා දලුව පදිංචි,45 හැවිරිදි නිලන්ත හේරත් නම් තිදරු පියෙකි.
ඔහු කම්කරුවෙකු වන අතර,අක්කර 900 වත්තට යාබද,ඉන්දික සම්පත් කුමාර නම් පුද්ගලයාට හිමි ඉඩමේ ජල නළ පද්ධතියක් අලුත් වැඩියා කරමින් සිට ඇත.
තුවාල කරුගේ කණ ආශ්‍රිතව වෙඩි වැදී ඇති අතර,පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සැකකාර මුරකරු බෝර 12 තුවක්කුවක් වෙඩි තැබීම සදහා භාවිතා කර ඇති අතර,තුවක්කුව සමග සැක කරු අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර පවසයි.
නොරොච්චෝල පොලිසීය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුරකරු යාබද වත්තේ කම්කරුවකුට වෙඩි තබයි