(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොළඹ මහනගර සභාව, එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් මුතුරාජවෙළ අභය භූමියට කසළ බැහැර කිරීම, වැලි ගොඩ දැමීම, පස් කැණීම, පිරවීම ආදී කටයුතුවල යෙදීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 23 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියම කළේය.
මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීමට එරෙහිව වත්තල ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සිසිර ද ආබෲ , ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියම කළේය.
කොළඹ නගරසභාව මඟින් මුතුරාජවෙල අභය භූමියට කසළ බැහැර කිරීම නිසා එම ප්‍රදේශයේ ජීවත්වන 25,000කට අධික පිරිසක් පීඩාවට පත් ඇති බවත් , කසල බැහැර කිරීමෙන් සිය මූලික අයිතීන් කඩවී ඇති බවත් සඳහන් කරමින් බෝපිටිය ශ්‍රී බෝධි විහාරයේ ධම්මකුසල හිමියන්, බෝපිටිය ශා කළහ.
කොළඹ මහ නගර සභාව, එහි නාගරික කොමසාරිස්වරයා, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා, වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා, වාරිමාර්ග දෙපොර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා, වත්තල සහකාර ප්‍රාදේශීය ලේකම්, භූවිද්‍ය හා පතල් කාර්යාංශය සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර තිබූ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
කලකට ඉහත කුඹුරු යායක් ලෙස තිබී 1996දී අභය භූමියක් ලෙස පත්කෙරුණු මුතුරාජවෙලට කිසිදු පූර්ව පාරිසරික ඇගයීම් වාර්තා ලබා ගැනීමකින් තොරව කසළ බැහැර කරන බව ඉකුත් 2017 වසරේ අපේ‍්‍රල් 20 වැනිදා පෙත්සම්කරුවන් දැනගත් අතර , තමන් ඇතුළු ප්‍රදේශවාසීහු එක් වී විරෝධතා පැවැත්වූහ.
එම විරෝධතා සහ උද්ඝෝෂණ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ කොළඹ නාගරික කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන් දිගින් දිගටම එලෙස කසළ බැහැර කිරීම සිදු කළ බව කියා සිටී. මෙලෙස අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම නිසා එහි ජීවත් වන පවුල් 6500කට අයත් පුද්ගලයින් 25,000 කට අධික පදිංචිකරුවන් පිරිසක් පාරිසරික හා සෞඛ්‍ය ගැටලූ රැසක් ඇති වී ඇත.
කසළ බැහැර කිරීම නිසා මැස්සන් වැනි සතුන් ඇති වී තිබෙන අතර විශාල දුර්ගන්ධයක් ද පැතිරී යන බව සඳහන් වේ. මේනිසා මුතුරාජවෙල ආග්රිතව මෙන්ම ඊට ආසන්නව ජීවත් වන අයගේ හා කුඩා ළමයින්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් ඇති වී තිබෙන බව පෙත්සමේ දැක්වේ. මෙම කසළ බැහැර කිරීම නීතියට මෙන්ම පාරිසරික පනත්වලටද පටහැනිය.
අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටපෙන්වා දෙන පෙත්සම්කරුවෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 12 (1) ,14 (1) ජී යන වගන්තීන් යටතේ දක්වා ඇති මූලික අයිතීන් කඩවන බවට ප්‍රකාශයක් කරන්නැයිද අධිකරණයෙන් ඉල්ලා සිටී.
එසේම මුතුරාජ වෙළ අභය භූමියට කුනු බැහැර කිරීම , හෝ වැලි ගොඩ දැමීම , පස් කැණීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීම සිදු කිරීමෙන් 1 සිට 10 දක්වා වගඋත්තරකරුවන් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ආචාර්ය සුනිල් කුරේ ,කොළඹ නාගරික කොමසාරිස් වෙනුවෙන් නීතීඥ සේනානි දයාරත්න මහත්වරු පෙනී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම 23 දා