(ඩී.ජී.සුගතපාල)
ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 50 වැනි සර්වේයර් ජනරාල්වරිය ලෙස ශ්‍යාමලි චිත්රලේඛා පෙරේරා මහත්මිය පත්ව ඇත.
ඒ මහත්මිය හෙට (26) වැඩබාර ගැනිමට නියමිතය.
ක්‍රි.ව. 1800 දී ඉංග්‍රීසීන් විසින් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවෙහි ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි සර්වේයර් ජනරාල් ධුරයට පත්වන ප්‍රථම කාන්තාව ඇය වීමද විශේෂත්වයකි.
1961 වර්ෂයේ ජුලි මස 16 වන දින බණ්ඩාරගමදී සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැන්නා ලෙස උපත ලද ඇයගේ මව්පිය දෙදෙනාම විදුහල්පතිවරු වෙති.
කොළඹ දේවි බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය පාසල් සමයේදී දීප්තිමත් ශිෂ්‍යාවක් මෙන්ම මලළ ක්‍රීඩාවෙන්ද දීප්තිමත් ක්‍රීඩිකාවක් වුවාය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරු ඇය ප්‍රථම පන්තියේ භෞතික විද්‍යා ගෞරව උපාධිධාරිනියකි.
ඇය 1985.03.01 දින මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි සහකාර මිනින්දෝරු අධිකාරිවරියක ලෙස දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ පුහුණු ආයතනයේදී තම වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.
1991 වසරෙහි රාජ්‍ය කළමනාකරණ පශ්චාත් උපාධිය සඳහා නෙදර්ලන්තයේ අයි.ටී.සී. විශ්ව විද්‍යාලයට ඇතුලත්විය. 1993 දී භෞතික විද්‍යාව , ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය යන විෂයයන් සදහා දැක්වූ ඉහළ දක්ෂාතා වෙනුවෙන් ආචාර්ය කුමාරස්වාමි ත්‍යාගය ද දිනාගත් ඇය බිම්සවිය ලෙසින් කා අතරත් ජනප්‍රිය දීපව්‍යාප්ත ව්‍යාපෘතියේ නව මුලිකත්වයද ගෙන කටයුතු කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව පළමු වරට කාන්තාවකට
එච්.ඒ.අමරතුංග Tuesday, 25 February 2020 11:11 PM
බොහොම සන්තෝෂයි. මෙම කීර්තිමත් නිලය අභීතව හෙබවීමට එතුමියට ශක්තිය, ධෛර්ය්යය හා සියල්ලන්ගේම සහයෝගය ලැබේවායි මම පතමි.
නෙවිල් Wednesday, 26 February 2020 05:31 AM
සුබ ගමන් ! හැකිනම් ඔබගේ සේවා කාලය තුළ බිම්සවිය ව්‍යාපාතිය අවසන් කරන්න.