(චන්දන ප්‍රනාන්දු )
ඉතාලියේ සිටි පැමිණි මිතුරෙකුට අයත් විදේශ හා ලංකාවේ මුදල් තොගයක් සමඟ එම මිතුරාට අයත් වීසා ලියකියවිලි සොරාගත් තරුණයන් දෙදෙනෙකු අද (20) සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 23 හා 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි .
ඉතාලියේ රැකියාව කර නිවාඩුවකට ලංකාවට පැමිණ තම මිතුරෙක් සමඟ නයිනමඩම් පල්ලිය හන්දිය ප්‍රදේශයේ පිහිටි තවත් මිතුරෙක් හමුවීමට එම නිවසට ගොස් සිටියදි එම නිවසේ මේසයක් උඩ තිබු යුරෝ 200 ක මුදලක් රුපියල් හතළිස් දාහක මුදලක් හා ඉතාලි විසා බලපත් අඩංගුව තිබු කුඩා බෑගයක් නැතිවීම සම්බන්ධයෙන් බටහිර නයිනමඩමේ පදිංචි තරුණයෙක් වෙන්නප්පුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත කළ විමර්ශනයකින් අනතුරුව සැකපිට පැමිණිල්ල කළ තරුණයාගේ මිතුරන් දෙදෙනාව අත් අඩංගුවට ගත්බව පොලිසිය කීය.
මෙම පැමිණිල්ල කල තරුණයා ඉතාලියේ සිට ලංකාවට පැමිණි දිනම මෙම සිදුවීම සිදුව ඇති බවත් බලන්න ගිය මිතුරාගේ නිවසේ මේසයක් උඩ එම බෑගය තබා වැසිකිළියට ගොස් එනවිට මෙම බැගය ඇතුරුදන්වීම නිසා ඒ පිළිබඳව මිතුරන්ගෙන් විමසිමක් කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කල නිසා මෙලෙස පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කීය.
ඉතාලියේ සිට පැමිණි තරුණයා ළඟ යුරෝ හා රුපියල් තිබෙන බව දැනගත් පළමු මිතුරාගේ දැනුම්දීමක් මත නිවෙස් හිමි මිතුරා මෙලෙස බැගය සොරාගෙන ඇති බවට තොරතුරු හෙළිදරවු වු බවත් එය ඔහුගෙ නිදන ඇඳේ මෙට්ටයක් යට සඟවා තිබියදි සොයාගත් බව පොලිසිය කීය.
සොරාගත් බෑගයේ තිබු මුදල්වලින් රුපියල් පළොස් දාහක මුදල වැයකර සැකකරුවන් හෙරොයින් පානය කර ඇති බවද පොලිසිය සඳහන් කළ අතර සැකකරුවන් මත්කුඩු පානයට ඇබ්බැහි වු පුද්ගලයන් බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිතුරාගේ මුදල් පසුම්බිය සොරාගත් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට