IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැදවච්චියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

බී.ජී.චතුරංග
 
මැදවච්චිය ගිරා කෑත්තෑව ප්‍රදේශයේ දී අද (20) සිදු වූ රිය අනතුරකින්, මීට දින 15කට පෙර විවාහ ගිවිසගත් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
 
මැදවච්චියේ සිට කෑදෑව දක්වා පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් පිරිසක්  ගෙන යමින් තිබූ වෑන් රථයක් හා කෑදෑව සිට මැදවච්චිය දක්වා ගමන් කළ යතුරු පැදියක් මැදවච්චිය 5කණුව සිට කෑදෑව දක්වා දිවෙන මාර්ගයේ ගිරා කෑත්තෑව වංගුවේදී එකිනෙක ගැටී මෙම අනතුර සිදු ව තිබේ. 
 
අනතුරින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරනු ලබයි.



අදහස් (1)

මැදවච්චියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

Maheshika Friday, 20 April 2018 03:33 PM

දවස ගානේ මෝටර් සයිකල් අනතුරු වලින් ලංකාවේ තරුණ ජීවිත අහිමි වෙනවා, පෙරේදා රසායනික වලට වැටිලා කර්මාන්ත ශාලාවක තරුණ ජීවිත පහක් අහිමි වුණාන. වැළක්විය හැකි අනතුරුවලින් දිනපතා අහිමිවෙන තරුණ ජීවිත ගණන් බැලුවොත් යුද්ද කාලේ අපිට අහිමි වුන ජීවිත වලට වඩා වැඩි බවක් පේනවා. පාර්ලිමේන්තුවක් කියල එකක් තියනවා, එකේ ඉන්න අය රටේ ජනතාවගේ ප්‍රශ්න කෙසේ වෙතත් බඩවල් තර කරගැනීමට දිවා රාත්‍රී නොබලා කටයුතු කරනවා. පහුගිය කලේ දියේ ගිලිලා කී දෙනෙක් මැරුණද? මේ හැම දෙයක්ම යම් තරමකට වලකා ගැනීම ඉතාම පහසු දෙයක්. සිදුවියහැකි අනතුරු ගැන මහජනතාව දැනුවත් කිරීමට ලොකු වියදමක් යන්නේ නැහැ. ගඟ ඇලදොළ අසල විශාල පුවරු මගින් ජීවිත අවදානම් ගැන ප්‍රසිද්ද කිරීම යතුරුපැදි ධාවනයට බලපත්‍ර ගැනීමේ ලිහිල් ක්‍රමවේදය වෙනුවට දියුණු රටවල්වල භාවිතවන ක්‍රමවේදයක් හඳුන්වාදීම, කර්මාන්තශාලාවල සේවකයන්ට ඔවුන්ගේ රාජකාරියට අනුකූල පහුණු සැසි රැකියාව අතරතුර වරින්වර ලබාදීම. පාර්ලිමේන්තුවේ මේ සියල්ල ගැන කතිකාවතක් ඇතිකළ යුතුය. අලුතින් නීති සකස්විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site