IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මාතර ලංගම ඩිපෝ කළමනාකරුට දෝස්මුරයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී නොවූ මාතර ශ්‍රීලංගම ඩිපෝවේ කළමණාකරු පැයක් ඇතුළත කැදවන්නැයි අධ්‍යාපන හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (6) එම ඩිපෝවේ පරික්ෂකවරයාට හා පොලීසියට නියම කළේය.

ඩිපෝ කළමණාකරු සිටින තැන අසා පොලිස් ජීප් රථයකින් හෝ ගොස් ඔහු රැස්වීමට කැඳවා ගෙන එන ලෙසට එහිදී කියා සිටියේය.

මාතර ශ්‍රීලංගම ඩිපෝවේ රියදුරු,කොන්දොස්තර හා කාර්මික නිලධාරීන් පිරිසකට පසුගිය ආණ්ඩුව උසස්වීම් ලබා දී ඇති බවද එම නිසා නියමිත බස් රථ ධාවනය කිරීමට රියදුරු හා කොන්දොස්තරවරුන් නොමැති බවද එහිදී අනාවරණය විය.

බස් රථ 60ක් දිනකට ධාවනය වු මාතර ඩිපෝවේ අද වන විට ධාවනය වන්නේ බස් රථ 35ත් 40ත් අතර ප්‍රමාණයක් බවද මේ නිසා දෛනික ආදායම රුපියල් ලක්ෂ පහ හයකින් පහත වැටී ඇති බවද අලහප්පෙරුම මහතා කියා සිටියේය.

පසුගිය ඡන්දයට පෙර රියදුරු හා කොන්දොස්තරවරුන්ට උසස්වීම් ලැබීම නිසා ඔවුන් බස් රථ ධාවනයෙන් ඉවත් වී අත්සන් කර නිකරුණේ සිටින බවද කියැවිණි.

කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීමට ඩිපෝ කළමණාකරු සොයන විට ඔහු වෙනුවට පිළිතුරු සැපයීමට ඉදිරිපත් වූයේ ඩිපෝ පරීක්ෂකපී.එම්.ඒ.සී.හේමන්ත මහතාය.

ඩිපෝ කළමණාකරු අද දින නිවාඩු දමා ඇති බවත් ඔහු වෙනුවෙන් තමාට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට යන ලෙසට අද උදෑසන දැනුම් දුන් බවත් හේමන්ත මහතා කීය.

මේ රැස්වීම පැවැත්වෙන බව දැනුම් දී තිබෙන්නේ සතියකට ප්‍රථම බවත් මෙය මඟහැර සිටීමට ඩිපෝ කළමණාකරුට නොහැකි බවත් මෙය විහිළුවක් කර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

මාතර ලංගම ඩිපෝ කළමනාකරුට දෝස්මුරයක්

wedage Friday, 06 December 2019 11:38 AM

ලංගමයට නැවතත් කණ කොකා හැඩීමට පටන් අරගෙන වගෙයි මතකනේ මාස හයක් පමණ පඩි නැතුව හිටියා

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site