(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක පවුල් 92 කට අයත් පුද්ගලයින් 351 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.
වර්ෂාවෙන් පීඩාවට පත් වූ සියලු දෙනාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමෙන් සිදු කරමින් පවතින බව රණවීර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
අධික වර්ෂාව, දැඩි සුළං, පස් කඳු කඩා වැටීම, අකුණු ගැසීම් නිසා මෙම පීඩාවන් සිදුව ඇති අතර මෙනිසා නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 82 කට අර්ධ හානි සිදුව තිබේ .
ගඟවට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හිඳගල සහ උඩ පේරාදෙණිය ප්‍රදේශවල පාලම් දෙකකට හානි සිදුව ඇති බවත් පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් අබසිංගම ප්‍රදේශයේ අමුණක් සහිත මාර්ගයකටද හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මහනුවර අනිවත්ත ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අනිවත්ත බිංගෙය අසලින් දිවෙන මාර්ගයට ගල් පෙරලීම නිසා එම මාර්ගය තාවකාලිකව වසා ඇති බවත් ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහවැස්සෙන් මහනුවර 351ක් පීඩාවට