(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර කපුගම ප්‍රදේශයේදී 49හැවිරිදි ධීවර කාර්මිකයෙකුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන එකම පවුලේ මව,පුතා,දියණිය හා ලේලිය සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි.
තම බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන රැගෙන ඒමට ගන්දර නගරය වෙත යන අවස්ථාවේදී ඔහු මෙම සිද්ධියට ලක්ව ඇති අතර මරණකරු කතා කිරිමට නොහැකි ගොලු අයෙකු බව පොලීසිය කියයි.
පැරණි අමනාපයක් මෙම අපරාධයට හේතුව බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
ඝාතනයට ලක්වු පුද්ගලයා සැකකරුවන්ගේ නිවස ඉදිරිපිට පිහිටි පාරෙන් ගමන් කරන විට ඔවුන් මග හරස් කර අතින් පයින් හා පොල්ලකින් පහරදී තිබෙන බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ 43හැවිරිදි මව,26 හැවිරිදි ලේලිය,18 හැවිරිදි දියණිය හා 14 හැවිරිදි පුත්රයායන සිව් දෙනෙකි.
ඔවුන් අද (19) මාතර මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඝාතනයට ලක්වු ධීවර කාර්මිකයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
මාතර පොලිස් අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මව පුතා දියණිය හා ලේලිය එක්ව පියාව ඝාතනය කරති