(උපුල් තම්මිට)
පවතින වැසි තත්වය හේතුවෙන්, දින පහක් තිස්සේ අනුරාධපුර මල්වතුඔය පිටාර ගැලීමෙන් පෙරිමියන්කුලමේ කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ගොවීහු පවසති.
පෙරිමියන්කුලම සිට ගල්කඩවල අමුණ දක්වා මල්වතුඔය දෙපස කුඹුරු මෙලෙස ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව ඇත. පෙරිමියන්කුලමේ පුරාණ ගල්පාලම අසළින් මල්වතු ඔය පිටාරගැලීම හේතුවෙන් ජලය සමග ගසාගෙන ආ වැලිවලින් කුඹුරු රැසක් පිරී තිබේ.මේ හේතුවෙන් මෙවර මහ කන්නයේ වගාකර තිබූ පැළ ගොයම් සහිත කුඹුරු අක්කර 500කට වැඩි ප්‍රමාණයක් විනාශවී ඇතැයි ගොවීහු කියති.
මේ පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අපදා තත්වය පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටින බවත් තම ඒකකයට මෙතෙක් ආපදා දත්තයන් නොලැබී ඇති බවත්ය.
අද(11) උදෑසන වනවිට ගංවතුර තත්වය ක්‍රමයෙන් බැස යමින් තිබූ නමුත් පුරාණ ගල්පාලමේ ස්ථාන කිහිපයක් තවමත් ජලයෙන් යටවී ඇති බවද ගොවීහු කියාසිටිති.
මල්වතුඔයේ පහළින් ඉදිකර ඇති ගල්කඩවල අමුණ අධික වර්ෂා කාලයේදී ජලය පහසුවෙන් ගලායාමට විශාල බාධාවක් වීම හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයක් ඇතිවන බව ගොවීහු පවසති.2014 වසරේ දෙසැම්බර් මාසයේදී ඇතිවූ ගංවතුර අවස්ථාවේදී ගල්කඩවල අමුණ කඩා ඉවත්කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවුණද මෙතෙක් එය ඉටු නොවුණු බවද ඔවුහු කියති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මල්වතුඔය පිටාර ගැලීමෙන් පෙරිමියන්කුලමේ කූඹුරු විනාශයි