(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගර මධ්‍යයේ සැක කටයුතු යතුරු පැදියක් සහ දඹුල්ල නගර ආසන්නයේ සුපිරි පන්තියේ හෝටලයක සැක කටයුතු පාර්සලයක් තිබී අද(25) දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.
දඹුල්ල නගර මධ්‍යයේ බස්නාහිර පළාතේ ලියාපදිංචි අංක සහිත ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් උදෑසන සිට දහවල් දක්වා නවතා තිබෙන බවත් එහි කිසිදු අයිතිකාරයකු රැගෙන නොගිය බව ප්‍රදේශවාසීන් විසින් දඹුල්ල මුලස්ථාන පොලීසියට දැනුම් දී තිබිණි.
ඒ අනුව පොලිසිය ගොස් පැය කීපයක් පරික්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යුද හමුදාව ගුවන් හමුදාව වහා එම ස්ථානයට ගෙන්වන්නට වූහ.
පැය කීපයක් දැඩි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව දඹුල්ල නගර මධ්‍යයෙන් ඒ නවය සහ ඒ 6 ප්‍රධාන මාර්ග දෙකම එකට පිහිටි ප්‍රදේශයේ දී සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනය නවතා මෙම යතුරුපැදිය පුපුරවා හැරීමට උත්සාහ කරන අවස්ථාවේ යම් කිසි අයෙකු පැමිණ එම යතුරු පැදිය තමා ගේ මිතුරෙකුගේ බවත් ඔහු බස් රථ රියදුරෙකු වන බැවින් තාවකාලිකව හදිසියේ රියදුරෙකුට අසනීප වී කුරුණෑගල දඹුල්ල සිට කුරුණෑගල දක්වා බස් රථයක් පැදවීම සඳහා යතුරු පැදිය මෙම ස්ථානයේ දමා ගිය බව සඳහන් කළේය.
යතුරුපැදිය දමා ගේ පුද්ගලයා ද පැමිණි අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.
එම සිද්ධිය අතරතුරදී දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි හෝටලයක ප්‍රධාන ශාලාවේ වේදිකාව යට යම්කිසි බටයක් වැනි දෙයක් ඝනකම කඩදාසියකින් ඔතා දමා තිබෙන බවයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට තොරතුරු ලැබුණේ මංගල සාදයේ සිටි සියලු දෙනා එම සාදය නවතා හිස් ලූ ලූ අත දිව යන්නට වූ බවයි.
අනතුරුව ආරක්ෂාවක් යොදවාපසුව සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශය දඹුල්ල පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ දඹුල්ල පොලිසිය යුද හමුදාව ගැන එම ස්ථානයේ දැඩි පරීක්ෂාවට ලක් කොට සෝදිසි කිරීමේදී හෙළි වී ඇත්තේ මීට පෙර පවතී මංගල සාදයක් සදහා මල් වෙඩිල්ලක් රැගෙන ආ කොපුවක් ගණ කඩදාසියක ඔතා හෝටලය තුළ දමා ගොස් ඇති බවයි .
මෙම අවස්ථා දෙකටම විශාල පොලිස් ආරක්ෂාවක් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථය මෙන්ම දඹුල්ල රෝහලේ ගිලන්රථ කාර්යමණ්ඩලය කැඳවීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බෝම්බ බියක් නිසා දඹුල්ලේ කළබලයක්