අජිත්ලාල් ශාන්තඋදය, බලන්ගොඩ විශේෂ වයි.ඒ.එස්.වීරවංශ, රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක
බළන්ගොඩ බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් තිදෙනෙක් අද (10) උදෑසන 10.30ට පමණ පහන්තුඩා වළට පහළ කොටසේ දී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතිබව සමනල වැව පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ භු විද්‍යපීඨයේ තුන්වෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි විසි හතර සහ විසි පස් වයසේ සිසුන් බව පොලිසිය කියයි.මෙම සිසුන් යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.
මියගිය සිසුන් තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂය සඳහා බළන්ගොඩ මූලික රෝහලට ගෙනගිය බව ද පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කෝපාලි ක්‍රිෂ්ණන් සාරංගන් (25) - නල්ලූර්, සෙල්වරත්නම් තිසාන් (25) - චුන්නාක්කම් සහ සරවනබවන් කෝවින්ද්සාර් (23) - වඩුක්කෝඩෙයි යන අයයි.
මියගිය සිසුන් තිදෙනා තවත් කිහිප දෙනෙක සමග දිය නෑම සඳහා අද (10) උදෑසන බෙලිහුල්ඔයේ පහන්තුඩා වළට පහළ කොටසට ගොස් ඇති අතර එහිදී ඔවුන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි. දියට වැටුණු තිදෙනා ගොඩට ගෙන පඹහින්න ග්‍රාමීය රෝහලට ගෙනෙන විටත් මියගොස් තිබූ බව ද පොලීසිය පැවසුවේය.
සිසුන් හත්දෙනකු ගෙන්යුතු කණ්ඩායමක් අද වැනිදාපෙරවරුවේ පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ.
සමනල වැව පොලිස් ස්ථානධිපති පොලිස් පරීක්ෂක ඩබ්. කේ. බී. ලෝරන්ස් මහතා සිද්ධිය පිළිබඳව මෙසේවිස්තර කළේය.”
සිසුන් 7දෙනෙක් දිය නෑමට ගොස් තිබෙනවා. සිද්ධිය වෙලා තියෙන්නේ පෙරවරු 10.45 ටපමණ.
එක් පිරිමි ළමයෙක් පහන්තුඩා වළේ ගැඹුරුකොටසේ පීනමින් සිට තිබෙනවා. එම කොටසෙන් කුඩා දිය පහරක් පහළට ගලනවා. කණ්ඩායමේ 5 ක් එම ගල්මත වාඩිවී සිට ඇතිඅතර කෙනෙක් ගොඩ සිට තිබෙනවා. එක් වරම ජල පහර වැඩි වී එහි සිටි පස්දෙනාම වලට වැටී සුලියට කැරකෙමින් සිටියදී පිහිනමින් සිටි සිසුවා අනිත් අය බේරාගන්නට උත්සාහ කර තිබෙනවා.
එවිට තිදෙනකු ගිලී තිබෙනවා“
ප්‍රදේශ වාසීන්ගේ ද සහය ඇතිව පොලිස් ජීප්ු යෙන්මරෝහලට ගෙනගියත්ඒවන විටත්ඒසිසුන් අතරින් 3 ක්මියගොස් තිබෙනවා.“යනුවෙන්පැවසීය. මේසම්බන්ධයෙන් ව්ශ්වව්ද්යාලයයේ උපකුලපතිමහාචාර්ය එම්. සුනිල්සාන්තමහතා කීවේඑමඅවාසනාවන්ත සිද්ධිය දැනගන්නට ලැබුණු බවත් සිරුරු දැනට බලන්ගොඩ මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තබා තිබෙන බව හා සිසුන්ගේ දෙමව්පියන් දැනුවත් කරහෙට දිනයේ සිරුරු බාරදීමට නියමිත බවත්ය.
සමනලවැව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය සරසවි සිසුන් තිදෙනෙක් මරුට