(කාංචන කුමාර ආරියදාස)
බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකර පොලිසියෙන් සැඟවී සිටි පුද්ගලයකු අද (19) කිසියම් පිරිසක් විසින් දැරිය දූෂණය කළ ස්ථානයටම රැගෙන ගොස් පහර දී ඝාතනය කර ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස්බල ප්‍රදේශ දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි ඩී. එම්. දසනායක (50) පුද්ගලයෙකි.
දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් ඉතා අසරණව සිටින පවුලක 10 හැවිරිදි දැරියක මෙම පුද්ගලයා විසින් රවටා ගෙන පසුගිය දිනක ඔහුගේම වම්බටු හේනක රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර තිබෙන බව දෙමව්පියන් ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ 10 හැවිරිදි මෙම දැරිය අපයෝජනයට ලක්කර ඔහුගේම තවත් මිතුරකුට මෙම දැරිය අපයෝජනයට ලබාදී තිබෙන බවත් ඒ අනුව එම පුද්ගලයා ද ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බව පොලීසිය පවසයි.
සැකකරුගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බාල වයස්කාර දැරියට අතවර අයෙක් පහර දී ඝාතනය කරයි
ravi Friday, 19 July 2019 07:08 AM
එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙනකම් බලාගෙන ඉන්නවට වැඩිය හුඟක් හොඳයි.
nihal Friday, 19 July 2019 08:09 AM
ඔන්න රටේ ජනාධිපති කෙනෙක් නැතිකොට, රටේ අගමැති කෙනෙක් නැතිකොට, රටේ පොලිස්පතිකෙනෙක් නැතිකොට, රටේ නීතියක් නැතිකොට, රටේ මිනිස්සු නීතිය අතට ගත්ත අවස්ථාවක් මේක, මෙය දුර යන්න පෙර දුපත් නීතිය ගෙනෙන්න පෙර පොලිසිය ශක්තිමත් කරන්න දැන්වත් නුවණ පහල වේවා සාදු සාදු සාදු
Raveendra Friday, 19 July 2019 08:30 AM
තව කෙනෙකුගේ ජිවිතයක් නැති කිරීමට අප කිසිවෙකුට අයිතියක් නොමැති නමුත් මෙවන් අයෙක්ට දිය යුතු දඩුවම නම් ඒකාට ලැබී ඇති බව පැහැදිලිය. මෙවන්නන්" සුදු කබා කාරයන්ගේ ගොන් තර්කවලින් " බේරීමේ හැකියාවද වැඩිය. එසේ බේරි නොගියත් අහිංසක පුරවැසියන්ගේ දුප්පත් මුදල් වලින් මොවුන් නඩත්තු කිරීමටද සිදුවෙනු ඇත. එමගින් ඔවුන්ද මොවුන්ව නඩත්තු කිරීමට දායකවීමෙන් සුළුවෙන් හෝ පව්පුරෝවා නොගන්නේද ??? මෙම පාපකර්මයට සම්බන්ද අනිකුත් පාදඩයන්ටද ඇඩ්රස් නැතිවෙන්නම අදාළ දෙය ලැබේවා....
saminda Friday, 19 July 2019 08:37 AM
අනුමත කරන්න බැහැ එත් මෙහෙමෙ කරන්නේ නැතුව බැහැ
Asanka Friday, 19 July 2019 08:43 AM
අන්න නියම දඩුවම ..රටේ නිතිය ගැන විශ්වාසයක් නැත්තටම නැති වුන තැන ඕක තමයි වෙන්නේ. දැන් ඉතින් අතවර කල එකා අත්අඩංගුවට ගන්න බැරිවුණා පොලිසිය ඉක්මනට මේ පලිගැනීම කල අයව කුඩු කරයි