IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බළන්ගොඩ ප්‍රා:සභාවේ අයවැය වැඩි ඡන්ද 22කින් සම්මතයි

(අජිත්ලාල්  ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)

බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 22කින්  අද (21) සම්මත විය.

බළන්ගොඩ දිගදුරේ පිහිටි ප්‍රදේශීය සභා කාර්යාල ශ්‍රවණාගාරයේදි සභාපති එම්.එම්.සුනිල් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

 පසුගිය මාසයේ අයවැය ලේඛනය ඉදිරිත් කෙරුණු අතර එහිවූ යම් යම් කොටස් සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස සභිකයන් කළ දැනුම්දීම මත මෙදින එකී කොටස් සංශෝධනය කර සභාවට ඉදිරිපත් කරන ලදි.
 
එහිදී අයවැයට පක්‍ෂව සභාපතිවරයා ඇතුලු පාලක ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 17 දෙනාද, එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන උප සභාපති නිහාල් විජයානන්ද මහතා ප්‍රමුඛ සභිකයන් 04 දෙනාද, ශ්‍රීලංකා ප්‍රගතිශීලී පෙරමුණේ සභිකයන් දෙදෙනාද ඇතුලුව සභිකයන් 23 දෙනෙක් පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
 
ජනතා විමුක්ති පෙරමුණේ සභික එම්.බී.කේ. ගුණරත්න මහතා මෙම අයවැය හරයක් හෝ තේරුමක් ඇති අයවැයක් නොවන නිසා ඊට විරුද්ධවන බව පවසා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. විපක්‍ෂනායක එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සහන් බෝපිටිය මහතා මේ අවස්ථාවේ සභාවේ නොසිටියේය. එහෙත් සභාවේ සිටි එජාප සභිකයන් 10 දෙනා ඡන්දය දීමෙන් වළකී සිටියේය.
 
ඒ අනුව බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 22කින් සම්මත විය.
 
ඡන්ද විමසීම අවසන් වූ පසු විපක්‍ෂනායක එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සහන් බෝපිටිය මහතා සභාවට පැමිණීම කාගේ අවදානයට ලක්විය.



අදහස් (0)

බළන්ගොඩ ප්‍රා:සභාවේ අයවැය වැඩි ඡන්ද 22කින් සම්මතයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site