IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බස් රථයකට යට වී පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

(රංජිත් රාජපක්ෂ)                       

බස් රථයකට යටවී පොලිස් කොස්තාපල්වරයෙක් අද (20) ජීවිතක්ෂයට පත්වී ඇති බව මස්කෙලිය පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදුවී ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මවුස්සාකැලේ පොලිස් මුරපොල අසලදීය.

අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පොලිස් ජිවිත ආරක්ෂක බලකායේ සේවයේ නියුතු 40 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

මියගිය පොලිස් කොස්තාපල්වරයා කැබතිගොල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මැදවච්චිය පොලිසියේ රාජකාරියේ නිරතව සිට ශ්‍රී පාද විශේෂ රාජකාරි සඳහා අද (20) මස්කෙලිය පොලිසිය වෙත වාර්තා කර ඇති බවත් පොලිසිය කීය.

මස්කෙලියේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් රාත්‍රී රාජකාරී සඳහා මවුස්සාකැලේ පොලිස් මුරපොල වෙත ගමන් කර ඇත.

පොලිස් කොස්තාපල්වරයා බස් රථයෙන් බැස පොලිස් මුරපොල වෙත ගමන් කරන අවස්ථාවේ ඔහු පැමිණි බස් රථයටම යටවී ජිවිතක්ෂයට පත්වී ඇති බව මස්කෙලිය පොලිසිය කීය.

පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිස් මුරපොල අසල දී මගීන්ව බස්සවා අධික වේගයෙන් පොලිස් මුරපොල පසු කර බස් රථය නතර කිරීමට උත්සහ කිරීමේදී මාර්ගයේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයා යට කරගෙන බස් රථය ධාවනය කර ඇති බව මස්කෙලිය පොලිසිය සඳහන් කළේය.

බස් රථයට යට වූ පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මස්කෙලිය ප්‍රදේශීය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය කීය.



අදහස් (1)

බස් රථයකට යට වී පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

latha Friday, 21 February 2020 03:32 AM

බස් වලට ටිපර් වලට කිසිම වේග සීමාවක් නැහැ. කිසි කෙනෙක් ඒවා ගැන බලන්නෙත් නැහැ. අහිංසක ජීවිත කොච්චර කියලා නැති වෙනවද? ලංකාවේ විතරයි මේවා වෙන්නේ. පුදුමේ ඒකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site