(ඩබ්.ඒ. පියතිලක)
ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකිව පීඩා විදිමින් සිටි පොළොන්නරුව ගොවින්හට යල් කන්න වගා කිරීම සඳහා ජලය සපයා ගැනීමට මොරගහකන්ද ජලාශයෙන් ගිරිතලේ ,කවුඩුල්ල සහ මින්නේරිය යන වැව්වලට ජලය ලබා දීමට පොළොන්නරුව කලාපභාර වාරිමාර්ග කාර්යාලය පියවර ගෙන තිබේ.
වගා බිම් සදහා අවශ්‍ය ජලය නොමැති කම හේතුවෙන් ගොවිතැන් කටයුතු කර ගත නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයකින් සිටි අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එම ජල ගැටළුව විසදීම සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා දීමට වාරි මාර්ග නිලධාරීන් කටයුතු කර ඇත.
ඉදිරි යල් කන්නය නියමිත පරිදි කිසිදු ජල හිගයකින් තොරව වගා කිරීමට අවශ්‍ය පරිදි සියළු වැව්වල ජලය රැස්කරමින් පවතින බව පොළොන්නරුව කලාපභාර වාරි මාර්ග අධ්යක්ෂ එස් කේ හේවගේ මහතා සඳහන් කර සිටියේය.
වැඩිදුර අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසිය- ‘ගිරිතලේ මින්නේරිය සහ කවුඩුල්ල වැව්වල ගොවිජනපද වාසීන් සදහා වැව්වල ජලය නොමැතිකම මත සිය වගා බිමිවලින් අඩක් වැඩ කිරිමට සහ ඇතැම් කන්නවල වගාව අතහැර දැමිමටත් සිදු වුණා. මෙසේ විමට ප්‍රධාන හේතුව වුණේ කාලගූණික විපර්යාස නිසා. මේ නිසා ගිරිතලේ මින්නේරිය සහ කවුඩුල්ල ගොවිජනතාව දැඩි අපහසුතාවකට පත් වුණා. කෙසේ නමුත් පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි එක් ලක්ෂ දහතරදාක් ද ගිරිතලේ අක්කර අඩි දහදාස් එක සියකුත් මින්නේරිය අක්කර අඩි 72000 සහ කවුඩුල්ල වැවෙහි අක්කර අඩි 27000ක් තිබෙන බවත් කවුඩුල්ල වැවෙන් මේවන විට කන්තලේ වැවට ජලය මුදා හරිමින් පවතින බවයි. මෙම ලබා ගන්නා ජලයෙන් පොලොන්නරුවේ අක්කර අසුදාහකට වැඩි අක්කර ප්‍රමාණයක් කිසිදු ජල හිගයකින් තොරව මෙවර යල් කන්නය වගා කළ හැකි බවද කීවේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොළොන්නරුව ගොවීන්ට මොරගහකන්දෙන් ජලය