(අනීෂා මානගේ)
කුඩාවැල්ල ධීවර වරාය ආසන්නයේදී බහුදින යාත්‍රාවක් පෙරළීමෙන් දියේ ගිලුණු ධීවරයන් පස්දෙනා සුරක්ෂිතව බේරාගැනීමට වරායේ සිටි තවත් ධීවරයන් පිරිසකට අද(26) හැකි වූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව තිබුණේ නිල්වැල්ල ධීවර වරායට අයත් බව කියන “දම්සාරී” නම් බහුදින ධීවර යාත්‍රාවකි.
ධීවරයන් පස්දෙනකු රැගෙන මෙම යාත්‍රාව දැනට දින 24කට පමණ ඉහතදී නිල්වැල්ල වරායෙන් පිටත්ව ගොස් තිබිණි. මසුන් රැගෙන නැවත මෙම පිරිස අද(26) උදෑසන කුඩාවැල්ල ධීවර වරායට පැමිණ මසුන් ගොඩට දමා නැවතත් නිල්වැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබියදී යාත්‍රාව අනතුරට ලක්ව ඇත.
කුඩාවැල්ල ධීවර වරායට ආසන්නව කුඩාවැල්ල සහ නිල්වැල්ල ධීවර වරායන් අතර යාත්‍රාව පෙරළී තිබූ අතර එතැන් සිට කිලෝමීටර දෙකක් පමණ මුහුදෙහි යාත්‍රාව ගසාගෙන පැමිණ තිබිණ.
ප්‍රදේශයට පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් මුහුදෙහි පවතින රළු ස්වභාවය නිසා ධීවර යාත්‍රාව අනතුරට ලක්වූ බව ධීවරයෝ කියති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෙරළුණු යාත්‍රාවේ සිටි ධීවරයන් පස්දෙනා බේරාගැනේ