(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දකුණු පළාත තුළ විශාල පිපිරීමක් සිදු විය හැකි බව පවසා අසත්‍ය එස්. එම්. එස්. පණිවුඩයක් ජංගම දුරකතන වෙත යවා මහජන කැළඹීමක් ඇති කළ බව කියන තරුණියක් අද(26) ගන්දර තලල්ල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්නකිරීම සඳහා අත්අඩංගුවටගත් බව ගන්දර පොලීසිය පවසයි.
එම එස්. එම්. එස්. කෙටි පණිවුඩය ලැබුණු බව කියන පුද්ගලයින් 85දෙනෙකුගෙන් තොරතුරු විමසීමේදී එම තරුණිය සොයා ගැනීමට හැකි වු බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය 21 හැවිරිදි වියේ පසුවන්නියකි.
අදාළ පණිවුඩය මාතර නගරයේ අධ්‍යාපන කාර්යාලයක් ඇතුළු රජයේ ආයතන කිහිපයක සේවක සේවිකාවන් අතර හුවමාරු වී නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බව පොලිසිය කියයිත
“මාතර, ගාල්ල හා තංගල්ල නගරවල හෙට දිනයේ විශාල පිපිරීමක් සිදු වෙනවා. ඒ නිසා නගරයට නොයන්න” යයි අදාළ එස්. එම්. එස්. පණිවුඩයේ සඳහන් කර තිබුණි.
අන්තර් ජාලයේ වට්ස්ඇප් පණිවුඩයකින් තමාට එම තොරතුරු ලැබුණු බවත් එය උපුටා ගෙන හොඳම මිතුරියට එස්. එම්. එස්. පණිවුඩයකින් දැනුම් දුන් බවත් ඒ අනුව එය හුවමාරු වී තිබෙන බවත් සැකකාර තරුණිය පොලීසිය වෙත ප්‍රකාශකර ඇත.
තවද එම සිද්ධිය මේ තරම් දුර දිග යාවි යන්න තමා නොසිතූ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.
සැකකාර තරුණිය බාහිර උපාධිය හැදෑරීම සඳහා ලියාපදිංචි වී සිටින තැනැත්තියක් බවද පොලීසිය සදහන් කරයි.
ඇය අද (27) මාතර මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පිපිරීමක් විය හැකි’යි බොරු එස්. එම්. එස්. යැවූ තරුණියක් අත්අඩංගුවට
Raveendra Friday, 26 April 2019 10:35 AM
මෙවන් අසීරු අවස්ථාවලත් අහිංසක මිනිසුන්ව නොමග යවන්න තරම් අපේම මිනිසුන් ඉදිරිපත්වීම කොතරම් අසුන්දරද? මේ ගැහැණියට උපරිම දඩුවම් ලැබේවා