බී.ජී. චතුරංග
සිසුන් දොළොස් දෙනකු හට පනවා ඇති වසර දෙකක හා වසර එක හමාරක පන්ති තහනම වහා ඉවත් කරන ලෙස පරිපාලනයට බලකරමින් හා එයට විරෝධය පලකරමින්, මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් අද (20දා) උද්ඝෝෂණයක් කළහ.
සනීපාරක්ෂක පහසුකම්, බීමට ජලය නේවාසිකාගාර හා ආපන ශාලා ගැටලු විසඳීමට තිබියදී, පරිපාලනය විසින් ශිෂ්‍යයින් පමණක් මර්නදය කිරීමට ක්‍රියාකරන බව උද්ඝෝෂකයෝ පැවසූහ.
රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් ජයලත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘රජරට විශ්වවිද්‍යාලය වසා දමා තිබෙන මේ මොහොතේ මේ විදියට ශිෂ්‍යයන් එකතුවෙලා ඉන්නේ මේ පාලකයින්ට විරුද්ධවයි. මේ වන විට රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇතුළු සිසුන් දොළොස් දෙනකුට අදාල වසර දෙකක හා වසර එකහමාරක පන්ති තහනමක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් සිසුන් නව දෙනකු ගේ ශිෂ්‍ය භාවය මාසයකට අත්හිටුවලා තිබෙනවා.
මේ ගැටළුවට හේතුව වන්නේ පසුගිය ජනවාරි 30 රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට තුළට විශ්ව විද්‍යාලයේ වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකු, හඳුනාගැනීමට නොහැකි ඇඳුම් හැඳ, බීමතින් නේවාසිකාගාර තුලට ඇතුල්වී ගැටුම් තත්ත්වයක් නිර්මාණය කිරීමයි. විශ්වවිද්‍යාලය තුළ තිබෙනවා අධ්‍යාපන සුබසාධන ගැටලු විසඳන්නෙ නැතුව මේ විදියට රෑ දොළහටකඩා පැන මර්දනය ගේනවා නම් එයට අපි විරුද්ධයි. ‘‘
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පන්ති තහනමට එරෙහිව රජරට සිසුහු වීදි බසිති
theshan Wednesday, 21 March 2018 02:38 AM
මේ ගොල්ලන්වත් එලවන්න, අපේ බදු මුදල් නස්තිකරලා මේ වගේ අයට උගන්නන්න එපා