(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ජාතික පාසල අසළ පදික මාරුවේදී තරුණයකු මරණයට පත්කරමින් පලාගිය කැබ් රථයේ රියදුරු අද(16) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සැකකරු කඩුවෙල වැලිවිට පදිංචි 57 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි. එම කැබ් රථය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් එකක් බව ද පොලිසිය කියයි.
මිය ගිය තරුණයා නොච්චියාගම පහළ හල්මිල්ලෑව පදිංචිව සිටි අයකු බවද, ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයකු බවද පැවසේ.
ආර්ථික දුෂ්කරතා බණ්ඩාරගම ගල්කුඩේ ප්‍ර දේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවට යමින් සිටි එම තරුණයා ඊයේ (15) අලුයම රැකියාවට යමින් සිටියදී අනතුරට ලක්ව තිබිණි.
තරුණයා අනතුරට ලක් කරමින් පලා ගිය කැබ් රථය ඒ අසළ පාසලේ වූ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබිණි. එසේ වුවත් එහි අංකය පෙනෙන්ට නොවූ බැවින් පොලිස් නිලධාරීන්ට රියදුරු සෙවීම දැඩි අභියෝගයක්වී තිබිණි.
අද(16) බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් රාජකාරියේ යෙදී සිටියදී සුදුපැහැ කැබ් රථයක් කලුතර සිට බණ්ඩාරගමට ධාවනය වනු දැක නවතා රියදුරුගෙන් කළ මූලික පරීක්ෂණවලදී ඔහු තමා අතින් අනතුර වූ බව පිළිගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පදික මාරුවේදී අයෙකු අනතුරට ලක් කර පලාගිය රියදුරු අත්අඩංගුවට