IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පදලංගල තරුණයකුගෙන් බස් රථයක අනුරුවක්

තරිඳු ජයවර්ධන

ඇඹිලිපිටිය පදලංගල තරුණයකු  සීට් 54 ලේලන්ඩ් බස් රථයක අනුරුවක් නිර්මාණය කර ඇති අතර එය මේ දිනවල ෆේස්බුක්හි වැඩි කතාබහකට පත්වී තිබේ.

උස සහ දිග අතර අනුපාතය 27ට 110ක් වන පරිදි එම අනුරුව සැබෑ බස්රථයක බාහිර පෙනුමට සමාන වේ. බස් රථයේ එන්ජිම හැර විදුලි පද්ධතිය ඇතුළු සෙසු සියලු දේ ඒ ආකාරයටම සවි කර තිබීම එහි විශේෂත්වය වෙයි.

එම අනුරුව නිර්මාණය කළ රන්දික ලක්ෂාන් අබේදීර නම් 25 හැවිරිදි තරුණයා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ ආදි ශිෂ්‍යෙයකි.

කුඩා කල සිටම බස් රථවලට කැමැත්තක් දැක්වූ බවත්, අට ශ්‍රේණියේදීද නව නිපැයුම් ප්‍රදර්ශනයකට බස් රථයක අනුරුවක් නිර්මාණය කළ බවත් රන්දික පැවසීය.

මෙවර බස් රථයේ අනුරුව  නිර්මාණය කිරීම ඇලුමිනියම් යකඩ තහඩු, ෆ්ලයිවුඩ්, ලී පටි සහ සිලිකන් යොදා ගෙන ඇති බව ඔහු කීවේය.

 ‘මම පොඩි කාලේ ඉඳන් බස් වලට ආසයි. ඉස්කෝලේ අට ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ තමයි මුලින්ම බස් රථයක් අනුරුවක් හදන්න උත්සාහ කළේ. ඒ ප්‍රදර්ශනයකටයි. බස් රථ දෙකක් ඒ අවුරුද්දේ හැදුවත් ඒවට ලයිට් තිබුණේ නෑ. මෙච්චර දියුණු මට්ටමකට කර ගන්න බැරි වුණා. නමුත් මගේ වයසත් එක්ක ඒක මම හැදුවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළෙත් නෑ.  හැබැයි මගේ යාළුවො මං ගැන දන්නවා. මට යාළුවො කියන්නේ බස් රන්දික කියලා.

මට පොඩි කාලේ ඉඳන් මේවගේ හොඳ තත්ත්වයේ එක්ක හදන්න ඕනෑ කම තිබ්බත් ඉගෙනීම නිසා ඒකට අවස්ථාවක් තිබුණේ නෑ. උසස් පෙළ කරලා පොඩි රැකියාවක් කර අතරතුරයි මම මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයා ගත්තේ.  අමුද්‍රව්‍ය ගොඩක් මම පහසුවෙන් සොයා ගත්තා. සල්ලිවලට ගත්තා නම් රුපියල් 18,000ක් 20,000ක් විතර යනවා.  

මට මේකට අපේ ගමේ දිනුක නිෂාන් කියන මල්ලි ඇතුළු බොහෝ අය උදව් කළා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.‘ යැයි රන්දික පැවසීය.



අදහස් (6)

පදලංගල තරුණයකුගෙන් බස් රථයක අනුරුවක්

Lal Monday, 01 January 2018 02:26 PM

හරිම අපූරුයි. ලස්සනයි.

:       8       59

lal Monday, 01 January 2018 02:44 PM

ඕකෙ ඇතුලෙ ලස්සනට static home එකක් හදන්න පුළුවන්!

:       0       27

,charith Monday, 01 January 2018 05:01 PM

සුපිරි නිර්මාණයක්. ලස්සනට හැකියාව පෙන්නලා තියෙනවා. සියුම්ව ඉතා ඉවසීමෙන් පට්ටෙට වැඩේ කරලා. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

:       0       61

පැතුම් සිහින Monday, 01 January 2018 06:02 PM

මරු හොඳේ කියන්න වචන නැහැ .සුබ අනාගතයක් රන්දික

:       0       59

අසේල නුවන් Tuesday, 02 January 2018 03:50 AM

ගොඩක් හොඳ නිර්මාණයක්.. සුබ අනාගතයක්

:       0       72

chaminda Tuesday, 02 January 2018 06:50 AM

ලංකාවේ තියන නටබුන් වලින් (වටදාගෙය , ලෝවාමහාපාය වගේ) අනුමාන කර , වැඩි දුරටත් විස්තර අධ්‍යයනය කර. එය පෙර පවතී තත්වය අනුරුවක් හැටියට නිර්මාණය කරන්න පුළුවන් නම් බොහොම වටිනවා , එවැනි කුඩා ප්‍රමාණයේ අනුරු සකස් කර විදේශිකයන්ට සහ ඉතිහාසය පිලිබඳ උනන්දුවක් ඇති දේශීය ගැනුම් කරුවන්ට අලවි කරන්නත් පුළුවන්. ටිකක් කැප කිරීමක් කල යුතු අමාරු වැඩක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 204 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site