IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නොවැ. 8 වගඋත්තර බදින්නැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග

(උපාලි ආනන්ද)

වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  පිරිසකට අනුරාධපුර මහාධීකරණයේ ගොනු කර ඇති පෙත්සමකට අදාළව ලබන නොවැම්බර්  08 වැනිදා  වග උත්තර බදින්නැයි  අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය මහතා  ‍ අද(02)    නියෝග කළේය.

ගැසට් පත‍්‍රයේ සඳහන් නිර්නායක උල්ලංඝණය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් වනජීවි දෙපාර්තමේනත්තුව  කුඹුරු වගාවන් රැසකට බරපතල හානි  පමුණුවා ඇතැයි චෝදනා කරමින් අනුරාධපුර එක්සත්  කෘෂිකර්ම සංසදයේ  ජ්‍යෙෂ්ඨ නීතීඥ හේ.බ  රත්නායක මහතා ගොනු කර තිබූ  පෙත්සමකට   අනුව   කැඳවූ නඩුවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. 

මෙම නඩුවේ වනගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනුයේ වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  එම්. ජී. පී. සූරිය  බණ්ඩාර මහතා, නීතිපතිවරයා සහ වනජීවි දෙපාර්තමේන්තුවයි. 

පෙත්සම්කාර අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේ. බ. රත්නායක මහතා සඳහන් කළේ   වන අලින්ගෙන් කුඹුරු වගාවන්ට සිදු වන හානි සහ එල්ල වන තර්ජනවලින් මිදීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවෙන් විදුලි වැටක් ඉදි කළ යුත්තේ ගල්කිරියාගම උදුරුව විරන්දාවටන හා හෝරාපොල යන ගම්මාන යා කිරීමෙන් බවයි. 

එහෙත් වනජීවි දෙපාර්තමේන්තුවේ මෙම විදුලි වැට ඉදි කර ඇත්තේ ගල්කිරියාගම  උදුරුව  දෙඹිවටන  විරන්දනාවටන මහවැලි කුඹුරු බණ්ඩාරපොතාන හා හෝරාපොල යන ගම්මාන යා කරමින් බවද අධිකරණයට කියා සිටි  ජ්‍යෙෂ්ඨ නීතිඥ රත්නායක මහතා අවිධිමත් ආකාරයෙන් ඉදිකර ඇති ප‍්‍රශ්න ගත මෙම විදුලි වැට නිසා  ප‍්‍රදේශයේ  කුමුරු වගාවන්ට වන අලින්ගෙන් බරපතල තර්ජනයක් එල්ල වී  ඇති බවද  ප‍්‍රකාශ කළේය. 
වනජීවී දෙපාර්තමේන්තුව මෙම විදුලි වැට ඉදිකර ඇත්තේ  විදුලි වැටක් විධිමත් අකාරයෙන් නියමිත බිම් තුළ පමණක් ඉදි කළ යුතු ආකාරය දැක්වෙන  අංක 566/5 හා 1989- 07- 11 දිනැති  රජයේ ගැසට් පත‍්‍රයේ සඳහන් නිර්නායක මුළුමනින්ම උල්ලංගණය කරමින් බවටද නීතිඥවරයා චෝදනා කළේය. 
 
මෙම ප‍්‍රදේශය වසරේ වැඩි කාලයක් වර්ෂාවෙන් තොර වියළි කාලගුණයක් පවතින බවත්  වැව් ජලය උපයෝගී කර ගනිමින් වගාවන් සිදු කර ඇති බවත්  දැනට ඉදිකර ඇති විදුලි වැට ආසන්නයේ ගොයම් සහිත විශාල බිම් ප‍්‍රමාණයක් පවතින බවත් අධිකරණයට සැල කළ   නීතිඥ රත්නායක මහතා එම කුඹුරු  වගාවන්ට වන අලින් පැමිණීම වළක්වාලීමට දැනට ඉදිකර ඇති විදුලි වැට ප‍්‍රමාණවත් නොවන බවද අවධාරණය කළේය. 
 
අවිධිමත් අයුරින් ඉදිකර ඇති මෙම විදුලි වැට මායිම් හේතුවෙන් ගම්මුන්  වගා කර ඇති මහවැලි කුඹුරුවලට වන අලින්ගෙන්  සිදු වන හානි දිනෙන් දින උස්සන්න වෙමින් පවතින බවද   නීතිඥවරයා අධිකරණයට දැන්වීය. 
 
මෙම පෙත්සම විභාගයට ගෙන අවිධිමත්ව දැනට ඉදිකර ඇති මෙම ප‍්‍රශ්න ගත විදුලි වැට රජයේ ගැසට් පත‍්‍රයේ සඳහන් නියමයන් උල්ලංගන කරමින් ඉදි කර ඇති බවට නිගමනය කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටි නීතිඥ රත්නායක මහතා දැනට  ඉදිකර ඇති විදුලි වැට වෙනුවට රජයේ ගැසට් පත‍්‍රය  ප‍්‍රකාරව නියමිත ගම් මායිම් හරහා මෙම විදුලි වැට ඉදි කරන ලෙසට වගඋත්තරුවන්ට නියෝග කරන ලෙසත්  තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 
 
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ  නීතිඥ හේ. බ. රත්නායක මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන්  ජ්‍යෙෂ්ඨ නීතිඥ මාලනී රනේපුර මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

නොවැ. 8 වගඋත්තර බදින්නැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site