(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
ඉංග්‍රීසින් විසින් 1828දී ආරම්භ කරන ලද නුවරඑළිය නගරයට විශාල අඩුපාඩුවක්ව පැවැති හෝරා ස්ථම්භයක් රුපියල් ලක්ෂ 33 ක් වියදම් කරමින් 306 C 2 නුවරඑළිය සිංහ සමාජය විසින් අද (22) මහේන්ද්‍ර අමරසූරිය, නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න, නිමල් රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
ජාත්‍යන්තර සිංහල සමාජයට වසර 100 ක් පිරීම නිමිති කරගෙන හා නුවරඑළිය සිංහ සමාජයට
වසර 50 ක් පිරීම සංකේතවත් කරමින්, නගරයට ආලෝකයක් ගෙන දෙමින් නුවරඑළිය සිංහ සමාජය විසින් අනෙකුත් සිංහ සමාජ වල අධාරය මත මෙම හෝරා ස්ථම්භය නුවරඑළිය ලෝසන් වීදියේ එළිමහන් රංග පීඨයේ දී ස්ථාපිත කරන ලදි.
නුවරඑළිය සීතාඑළිය ධර්මවිජයාරාමධිපති පූජ්‍ය දවුල්දෙන ප්‍රඥාසාර හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙම ඔරලෝසු කණුව විවෘත කිරීමේ කටයුත්ත සිදු කරන්නට විය.
මෙම අවස්ථාවට නුවරඑළියේ උප නගරාධිපතිනි යදර්ශනී පුත්තරසිගාමනි මහත්මිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුද, නුවරඑළිය සිංහ සමාජයේ සාමාජික සාමාජිකාවන් හා දිවයිනේ අනෙකුත් සිංහ සමාජ වල නියෝජිතයෝ එක්ව සිටියහ.
වර්තමාන නුවරඑළිය සිංහ සමාජයේ සභාපති සිංහ එම්.පි. සදිෂ් කුමාර මහතා ප්‍රධාන සිංහ සාමාජිකයින් මෙම හෝරා ස්ථම්භය ඉදි කිරීම සඳහා මූල්‍ය දායකත්වයක්ද ලබා දී තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නුවරඑළියට හෝරා ස්ථම්භයක්