(ඩී.ජී.සුගතපාල)
බහුදින යාත්‍රාවකින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 29දෙනාගෙන් 27දෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටත් දෙදෙනකු තවදුරටත් ජූනි 4 දක්වා බන්ධනාගාර ගතකිරීමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20)නියෝග කළේය.
මෙසේ තවදුරටත් බන්ධනාගාර ගතකරනු ලැබුවේ යාත්‍රාවේ හිමිකරු වන කුරුකුලසූරිය එමානුවෙල් අමිල යසින් ප්‍රනාන්දු සහ ෂෙල්ටන් අජිත් ගිහාන් කෘස් යන දෙදෙනා වෙති.
හලාවත, කුරුණෑගල, යාපනය, වව්නියාව සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් 41දෙනෙකු මැයි 5 හලාවත මුහුදු වෙරළින් බහුදින යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ඇත.
එසේයමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව අනතුරට ලක්ව තිබියදී වෙනත් නෞකාවක් මගින් ඒ බව නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මැයි 21 නාවික හමුදා මූලස්ථානය මගින් මුහුදේ මුර සංචාරක කටයුතු සඳහා ගොස් සිටි නන්දිමිත්‍ර නෞකාවට පණිවුඩයක් ලබාදී තිබේ.
නන්දිමිත්‍ර නෞකාව එම ස්ථානයට ගොස් අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි පිරිස බේරගෙන නැවට නංවාගෙන ඇත. දින කිහිපයකින් ආහාර පාන නොලැබුණු එම පිරිසට නාවික හමුදා නිලධාරීන් ප්‍රථමාධාර සහ ආහාරපාන ලබාදී මැයි 25දින ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත ගෙනැවිත් වැඩිදුර පරීක්ෂණ සඳහා වරාය පොලිසියට බාරදී ඇත.
වරාය පොලිසිය මගින් එම 41දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බාල වයස්කාර ළමයින් අටදෙනා නඩුවෙන් මුදාහැරීමටත් කාන්තාවන් හතරදෙනා එක්අයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පිරිමි 29දෙනා බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කළේය.
වරාය පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යමින් සිටි පිරිසගෙන් අයෙකුට ඇප