IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිවාස කොල්ල කෑ යුවළක් ඇතුළු පහක් ලක්ෂ 15 ක රන් අභරණ සමඟ දැලේ

(කේ බුද්ධික කුමාරසිරි )

පොලිස් නිලධාරීන් ලෙස හදුන්වා දෙමින් නිවාස තුළට ඇතුල් වී නිවාස පරීක්ෂාවේ නිරතව රුපියල් ලක්ෂ 15 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑ “කහංතොට සුද්දා” නමැති විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෙකු සමගින් අඹුසැමි යුවළක් ඇතුළු පස් දෙනෙකු අද (19) දින අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
 
හෝමාගම හබරකඩ මුල්ලේගම ප්‍රදේශයේ තරුණියකගේ ගෙලට පිහියක් තබා මරා දමන බවට බිය කර ගෙල බැඳ තිබූ රන් මාලයක් කොල්ල කා පලා යාමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අතුරුගිරිය පොලිසියේ දුෂණ මර්ධන අංශය මගින් සිදු කළ විමර්ශණයකදී මෙම කොල්ල කල්ලිය අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
 
හබරකඩ මුල්ලේගම දී සහ මාලබේ සුදර්ශණ මාවතේදී මෙලෙෂ යතුරු පැදියකින් ගොස් ගෙලට පිහියක් තබා රන් මාල කොල්ලකෑම් සිදු කර ඇති බවත් ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිළදාරීන් බව පවසමින් ඇතුළු වී එහි සිටි කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට සැරසී පවසු නිවස සෝදිසි කළයුතු බව පවසා නිවසේ තිබූ රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමෙන් යුත් රන් භාන්ඩ සහ මුදල් සොරා ගැනීම සහ කුළු බඩු වර්ග අලෙවියේ නිරතව තිබූ ලොරි රථයක් පොලිස් නිලදාරීන් ලෙසද පවසා පරීක්සා කිරීමට කටයුතු කර එහි තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් කොල්ලකෑම ඇතුළු විවිධ කොල්ලකෑම් රැසක් සිදු කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි
 
මෙලෙෂ අත් අඩංගුවට ගත් “කහංතොට සුද්දා” නමැති විවිධ අපරාධ වලට සම්බන්ධ ප්‍රධාන සැකකරු එම පවුලේ හෙරොයින් මත්කුඩු ලග තබා ගැනීමක් සම්බන්ධයෙන් මේ වන විට ද බන්ධනාගාර ගතව සිටින බවත් සැකකරුගේ සහෝදරිය සහ ඇගේ සැමියා ද තවත් දෙදෙනකුද එක්ව ප්‍රදාන සැකකරුගේ සැළසුම් අනුව මෙම කොල්ලකෑම් සිදු කර ඇති බව සිදු කල විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
 
සැකකරුවන් කොල්ල කා තිබූ රන් බාණ්ඩ තොගයෙන් කොටසක් රුපියල් ලක්සයකට කුරුණෑගල ප්‍රදේහයේ පුද්ගලයෙකුට විකුනා තිබූ ඝණ දේව ප්‍රතිමාවක් රිදී භාන්ඩ තොගයක් රුපියල් පනස් දහසකට අලෙවි කළ බව කියන කුඩා වාලම්පූරියක් සහ මංකොල්ලකෑම් සදහා යොදා ගත් යතුරුපැදියක් ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාම මාලබේ කහංතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.



අදහස් (0)

නිවාස කොල්ල කෑ යුවළක් ඇතුළු පහක් ලක්ෂ 15 ක රන් අභරණ සමඟ දැලේ

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site