(අඟුරුවාතොට මංගල එදිරිසිංහ)
හොරණ අඟුරුවාතොට පොලිස් බල ප්‍රදේශයේ මදුරාවල මහාවිද්‍යාලය ඉදිරිපිට නිවසක නීතිවිරෝධී කැණීමක් සිදුකරමින් නිධන් හාරමින් සිටි පිරිසක් අදාළ යන්ත්‍රෝපකරණ සමග අද (10) අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් 10 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙනඇති අතර බර්ගර් ජාතික තරුණියක් ද ඒ අතර වෙයි.
මෙම පිරිස මතුගම, දොඩන්ගොඩ, ගල්කිස්ස, මොරටුව, කළුතර, පයාගල, අගලවත්ත සහ තුඩුගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මීට මාස කිහිපයක සිට මෙම නිවස කුලියට ගෙන ඔවුන් පදිංචිව සිට ඇති අතර දිනකිහිපයක සිට ළිඳක් කපන බවට ප්‍රදේශවාසීන්ට සඟවා මෙම නිධන් හෑරීමේ යෙදී සිට ඇත. පසුව අධිබල ඩෙටනේටර් සහ කළුගල් විදින කම්ප්රෙෂර් පවා යොදා ගනිමින් අඩි 20 ක් ගැඹුරැති අඩි 40ක් පමණ පළලැති වලක් කපා නිධන් හෑරීමේ නිරතව සිට ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වැගන් ආර්. රථයක්, ටාටා කැබ් රථයක්, ජෙලිග්නයිට් කුරු 10ක්, අධිබලැති කම්ප්රෙෂර් යන්ත්‍රයක්, ඩෙටනේටර් 8ක්, වෙඩි ලුණු කිලෝ 10ක් පමණ, සේවා නූල් තොගයක්, දිග යකඩ ඉනිමගක් සහ වතුර පොම්පයක් වේ.
බස්නාහිර පළාත් බුද්ධිඅංශයේ පොලිස් සැරයන් රොහාන් මහතාගෙන් (9294) ලද තොරතුරක් අනුව අඟුරුවාතොට පොලිස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත පොලිස් නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
අඟුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට