(නිමල් ජයරත්න)
දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ වැඩ භාරගත් නව විදුහල්පතිවරයාට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ සිසුහු සහ මව්පියවරු පිරිසක් විද්‍යාලය ඉදිරිපිට අද(02) තෙවන දිනටත් උද්ඝෝෂණයක නිරත වුහ.
විරෝධතාකරුවන් පවසන්නේ විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටි හඟුරන්කෙත ගෝතමාලංකාර හිමියන් දරුවන්ගේ විනය, පාසලේ සංවර්ධනය සහ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කරමින් සිටියදි දේශපාලනික බලපෑම් මත උන්වහන්සේ මාරුකර යවා, වෙනත් විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු තම විද්‍යාලයට ලබාදී ඇති බවයි.
ගෝතමාලංකාර ස්වාමීන් වහන්සේත් අද දිනයේ වැඩභාර ගත් නව විදුහල්පතිවරයාත් හැර වෙනත් විදුහල්පතිවරයෙකු පත්කරන ලෙස ඔවුහු පවසති.
තම ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් විද්‍යාලයේ දරුවන් කිහිපදෙනෙකු හැර සිසුන් 350 කට අධික පිරිසක් විද්‍යාලයෙන් ඉවත්කර වෙනත් පාසලකට යොමු කරන බවද මව්පියවරු පවසති.
දිඹුලාගල කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමාලා වාසල මුදලි මහත්මියගෙන් පැවසුවේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත එම විද්‍යාලයට ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙකු පත්කර ඇති බැවින් ඔහු සමග පාසලේ කටයුතුකරගෙන යාමට දෙමාපියන්ට සහ දරුවන්ට ගැටලුවක් ඇතිවිය නොහැකි බවයි.
මෙම විරෝධතාකරුවන්ට සහය පළකිරීම සඳහා දිඹුලාගල ආරණ්‍යවාසී හේනානිගල චුල්ලපංතකාලංකාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිපනමක් එහි වැඩම කර සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නව විදුහල්පති මාරුකර යවන්නැයි විරෝධතාවක්