(ක.ග. කරුණාරත්න)
දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාස මෙහෙයුම 10 වෙන වරට අද (3) පෙරවරුවේ මින්නේරියේ දී ආරම්භ කෙරිණි.
ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ දියකාවා යුද අභ්‍යාසය බාර අධ්යක්ෂ මේජර් ජෙනරල් ලක්සිරි වඩුගේ මහතා සහභාගී විය.
ශ්‍රී ලංකා යුද, ගුවන්, නාවික හමුදාවල රණ ශුරත්වය, ශක්තිය, උපායශීලිත්වය විදහා දක්වමින් පැවැත්වෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා හමුදා සාමාජිකවරු 1500 කට අධික පිරිසක් එක්ව සිටිති.
ඉන්දියාව,පකිස්ථානය,බංගලාදේශය, රුසියාව, සැම්බියාව, මැලේසියාව, නේපාලය, ඉන්දුනිසියාව, මාලදිවයින ඇතුළු විදේශ රටවල් 10ක පමණ හමුදා නියෝජිතයෝ 81 දෙනෙක් පමණ මෙයට එක්ව සිටින අතර නිලධාරීන් 29 ක් සහ සෙසු නිල 52 ක් ඊට අයත්ය.
ගොඩබිම, ගුවන සහ දියඹ උපයෝගී කර ගනිමින් මේ මස 24 වැනි දා දක්වා පැවැත්වෙන මෙම දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාස මෙහෙයුම ත්‍රිකුණාමලය කුච්චිවේලිවෙරල තීරයේ දී නිමාවට පත්වීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දියකාවා යුද මෙහෙයුම ඇරඹෙයි