(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ රිදී ඇල්ල රක්ෂිතය අසන්නේ වසර ගණනාවක් සිට එහි ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන හිමියන් පඬුරු දමන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පිංපෙට්ටිය සිව්වන වතාවටත් කිසියම් පිරිසක් කඩා විනාශ කර දමා ඇතැයි එහි විහාරාධිකාරී ස්වාමින් වහන්සේ දඹුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම ස්ථානයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේට සහ එහි ආවරණය සඳහා යොදා තිබූ වීදුරු පෙට්ටියට මෙවර කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමා ඇතිබව සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක රංගිරි දඹුල්ල රංගිරි පාය රජමහ විහාරාධිපති කුඹුක් කඳන්වල නන්දවිමල හිමියෝ පවසති.
උන්වහන්සේ කියා සිටියේ තම විහාරස්ථානයට අයත් විහාරයක භාරකාරත්වයෙන් යුතුව මෙම ස්ථානයේ වඩා හිඳුවා සිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම පිංකැටය අවස්ථා කිහිපයක දී කඩා සුනු විසුනු කර දමා තිබුණු බවය.
කෙසේවෙතත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තම ගම්මානයේ ම කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදු කරන බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බවයි. තොරතුරු පිළිබඳව සියලු දත්තයන් දඹුල්ල පොලිසියට ලබාදී ඇතැයිද උන්වහන්සේ පවසති.
බකමූණ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන හිමියන් රක්ෂිතයට ඇතුළු වන ස්ථානයේ පිහිටි මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ පඬුරු දමා කොළ අත්තක් එල්ලා එම ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීම වසර ගණනාවක සිට සම්ප්‍රදායිකව සිදු කරගෙන එනු ලබයි.
ප්‍රාදේශීය දේශපාලඥයකු ඇතුළු පිරිසක් මෙහි ආදායම් ලබාගැනීම කාලයක සිට සිදුකොට ඇතැයි උන්වහන්සේ පවසති. පඬුරු ආදායම අහිමි වීමත් සමඟ ගමේ පන්සලත් එක්ක උරණ වූ පිරිසක් මෙම අපරාධය සිදු කරමින් පවතින බවද උන්වහන්සේ සඳහන් කරති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දඹුල්ල- බකමූණ ප්‍රධාන මාර්ගයේ ඇති බුද්ධ ප්‍රතිමාවක්-පිං පෙට්ටියක් කඩා විනාශ කරලා