සිරංගිකා ලොකුකරවිට
යහපාලනයේදී වැඩි අවධානයක් යොමු කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනයට නොව මානව සම්පත දියුණු කිරීම කෙරෙහි බවත් ඒ සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයන්හි දියුණුවට අවශ්‍ය සියලුම පහසුකම් රජයෙන් ලබාදෙන බවත් අද(19) කරාපිටියේදී දකුණු පළාත් ළමා රෝහලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය,
“අයවැයෙන් වෙන්කරගත් රුපියල් බිලියන 235ක් සහ කැබිනට් පත්‍රිකා මගින් වෙන්කරගත් තවත් රුපියල් බිලියන 100ක පමණ මුදලක් පසුගිය වර්ෂයේ සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වැය කළා.
මේ වගේ විශාල මුදලක් වෙන කිසිම රජයකින් සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වියදම් කරලා නැහැ. මෙහි ප්රතිලාභ ඉදිරියේදී ඔබට භුක්ති විඳීමට හැකිවේවි. මෙම ළමා රෝහලෙන් අපි බෙහෙත් දීම පමණක් බලාපොරොත්තු වෙන්නේ නැහැ, මෙය සෞඛ්‍ය අධ්‍යාපනය හා පුහුණු කිරීම් වෙනුවෙනුත් යොදා ගන්නා තැනක් බවට පත් කරනවා. “
කරාපිටිය රෝහල් පරිශ්‍රයේ ඉදිවන ළමා රෝහල මහල් 10කින් සමන්විත වන අතර රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1587ක වියදමින් ඉදිකිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දකුණු පළාතට ළමා රෝහලක්