(අමදෝරු අමරජීව)
අද (10) පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ ඉඩම් විමසනවිටදී දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය කරන මුවාවෙන් ඇමෙරිකානු කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරිමේ සූදානමක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ සභාව උණුසුම් විය.
සුසන්ත පුංචිනිලමේ මහතාගේ ප්‍රකාශයට එරෙහිව අදහස් දැක්වූ මෑතකදී මුස්ලිම් ඇමැතිවරුන් සමඟ ඉල්ලා අස්වු හිටපු නියෝජ්‍ය ඇමැති අබ්දුල්ලා මහරුප් මහතා එය විමල් වීරවංශගේ ප්‍රකාශයක් බවත් ඒවා මෙතනට අදාළ නැති බවත් කීය.
ඉන්පසු නැගී සිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ඒකනායක, ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන විජිත කුමාර යන මහත්වරු පුවත්පතක පළ වූ බව කියන ඇමෙරිකාවට ඉඩම් දීමේ සැලසුම ප්‍රවෘත්තිය පෙන්වමින් හිටපු නියෝජ්‍ය අමාත්‍යාවරයාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූහ.
විරෝධතා මාධ්‍යයේ අදහස් දැක්වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල්ලා මහරුප් මහතා පැවසුවේ තවම ඉඩම් සිංගප්පුර් සමාගමට ලබාදී නැති බවත් ප්‍රදේශයේ ජනතාවට මේ තුළින් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් සැපයෙන බවත් විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ මෙතනට අදාළ නැති බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා මෙහිදි විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ තමන් පිළිනොගන්නා බව කීය.
මෙම රැස්වීම සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්.සම්බන්ධන්, අබ්දුල්ලා මහරුප් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ත්‍රි’මලේ කමිටු රැස්වීම උණුසුම් වෙයි