අමල් වික්‍රමරත්න
තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතා කරන ස්ථාන වැටලීම් දැඩි කිරීමට තීරණය කර ඇතිබව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය.
ජනවාරි පළමු වනදා සිට නීතිය ක්‍රියාත්මක වුවද මෙතෙක් වැටලීම් සිදු කෙරුණේ නිෂ්පාදකයන් සහ තොග වෙළදුන් ආශ්‍රිතව පමණක් බවත් අද (19) සිට එම වැටලීම් සුපිරි වෙළදසැල්, සිල්ලර වෙළදසැල් සහ අවන්හල් ආශ්රිත සිදුකරන බව එම අධිකාරිය පවසයි.
එවැනි ස්ථානවලින් පාරිභෝගිකයන්ට කිසියම් ද්‍රව්‍යයක් අළෙවි කිරීමේදී තහනම් කරන ලද පොලිතීන් හා ප්ලාස්ටික් අසුරනයක් යොදා ගැණුනහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පවසයි.
මේ යටතේ දැනට තහනම් කර ඇති ප්‍රමිතියෙන් තොර ලන්ච්ෂීට් සහ පොලිතීන් උර අවන්හල්වල භාවිත කරන්නේද යන්න පිළිබද සෘජු අධීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව පවසයි.
දිවයින පුරා තිබෙන මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් 400 ක් පමණ යොදාගෙන මෙම වැටලීම් සිදුකිරීමට නියමිත බව ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තහනම් පොලිතීන් සහ ප්ලාස්ටික් වටලන්න යයි