(මොහොමඩ් බුහාර්ඩ්න්)
ගලේවෙල-මාතලේ මාර්ගයේ හා දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ ස්ථාන දෙකකදී අද (06) සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරය ආසන්නයේදී එකම දිශාවට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් කළ 38 හැවිරිදි පුද්ගලයෙකු ටිපර් රථයට යටවී බරපතළ තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එම යතුරු පැදිය පදවාගෙන ගිය අයද තුවාල ලබා රෝහල් ගත කෙරිණ.
මේ අතර ගලෙවෙල මාතලේ මාර්ගයේ වාසලකෝට්ටේ ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදිය පදවාගෙන ගිය, මිල්ලවන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. එම යතුරු පැදියේ සිටි අනෙක් අය ද තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ටිපර් රථ දෙක හා යතුරු පැදි පොලිස් භාරයට ගෙන ඇත.ගලේවෙල පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ටිපර් රථවල ගැටී යතුරුපැදිකරුවෝ දෙදෙනෙක් මරුට