IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුරුවරු නැතැයි දෙමව්පියෝ දරුවන් ගෙදර තබා ගනිති

(ජුඩ් සමන්ත)

හලාවත අධ්‍යාපන කොට්ඨාසයේ පම්බල කනිටු විද්‍යාලයේ 4 ශ්‍රේණියේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ගුරුවරයෙකු නොමැති බැවින් තම දරුවන් පාසල් නොයැවීමට තීරණය කළ බව එම විද්‍යාල සිසුන්ගේ දෙමව්පියෝ පවසති.

ලබන වසරේ ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටින තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සිටි ගුරුවරයා ස්ථාන මාරු වීමක් ලබා ගියත් ඒ වෙනුවට අනුප්‍රාප්තිකයෙකු මෙතෙක් පත් කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බව ඔවුහු චෝදනා කරති.

 “හලාවත අධ්‍යාපන කලාපය තුළ පමණක් ප්‍රාථමික ගුරුවරුන් 174 දෙනෙකුගේ හිගයක් පවතිනවා.ඇතැම් පාසල් වල ප්‍රාථමික පන්ති පවත්වා ගෙන යන්නේ වෙනත් විෂයන් සදහා පුහුණුවීම් ඇති ගුරුවරුන් විසින්.මෙම පාසලේ විදුහල්පතිනියට සහ ඉංග්‍රීසි ගුරුවරියට 4 වන වසර පන්තියේ ඉගැන්වීම් කටයුතු කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා.එය ඒ ආකාරයෙන්ම සිදුවන බවත් මා විසින් කර ඇති සොයා බැලීමකදී අනාවරණය වුණා“හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සද්ධාමංගල සුභසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.

මව්පියන් කළ යුත්තේ තම දරුවන්ව පාසල් නොයවා නිවසේ තබා ගැනීම නොවන බවත් කළ යුත්තේ මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය හමු වී ගුරු අතිරික්ත  පවතින කොට්ඨාස වලින් මෙම කොට්ඨාසයට ගුරුවරු ලබාගැනීම බවත් ඒ මහතා කියයි.



අදහස් (2)

ගුරුවරු නැතැයි දෙමව්පියෝ දරුවන් ගෙදර තබා ගනිති

Pradeep Liyanage Friday, 28 April 2017 05:24 PM

අර පාසල් ළමුන්ට ටැබ් බෙද බෙද යන අධ්‍යාපන ඇමති මේවට මොනවද දන්නේ නෑ කියන්නේ. එයා හිතන්නේ අනිකුත් දේවල් අංග සම්පුර්ණයි, අඩු පාඩුවකට තියෙන්නේ ටැබ් එකයි නිල ඇදුමේ පාටයි විතරයි කියලනේ.

:       0       0

Pradeep Liyanage Saturday, 29 April 2017 05:17 PM

ඔන්න ඕකයි අපේ පාසල් වල යථාරූපය. එත් අපේ අධ්‍යාපන ඇමති හිතන් ඉන්නේ පාසල් ළමයින්ට අඩුවෙලා තියෙන්නේ ටැබ් එකක් විතරයි කියලා. ඉතින් කොහොමද රටේ අධ්‍යාපනය දියුණු කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site