(ජේ.කේ.එල්.චාමින්ද)
ගාල්ල කලාපයේ ගුරු තුලනය ඇතිකිරීමේ ක්‍රියාවලියේ දී අධ්‍යාපන බලධාරීන් ලබාදී ඇති තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
අභියාචනා මණ්ඩලයේදී ගාල්ල කලාපයේ ගුරුවරුන් 86දෙනෙකු මාරුකළ ආකාරය නිවැරදි නොවන බව අනාවරණයවීමෙන් පසු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.
කලාප අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් වැරදි තොරතුරු ඉදිරිපත් කර මේ ගුරු මාරු ක්‍රියාවලිය හා ගුරුතුලනය කිරීමේ ක්‍රියාවලියේ අර්බුදකාරී තත්වයක් මතුකිරීමට සැලසුම් සහගතව කටයුතු කර ඇති බවත් මේ නිසා ස්ථාන මාරු ලබාදුන් ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකේන් මහතා පැවසීය.
“මාරු කළ යුතු ගුරුවරුන්ගේ නාම ලේඛනය පළාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවලා තියෙනවා. කලාප කාර්යාලය මගින් තමයි මේ මාරුවීම් කරලා තියෙන්නේ. මේ කටයුතු අතපසු කරන්නට නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතු වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි වෙනම විමර්ශනයක් කරනවා” යැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගුරුතුලනයට බලධාරීන් දුන් තොරතුරු ගැන පරීක්ෂණයක් ඉල්ලයි
යසස් කෝදාගොඩ Tuesday, 04 June 2019 03:49 PM
පරීක්ෂණ කරනවනම් තව කොච්චර වැදගත් දේවල් තියෙනවද මේ පළාතෙ. ඒකට ඉතිං නීතිය ගැන හරි අවබෝධයක් තිවෙන ආණ්ඩුකාරයෙක් ඉන්නට ඕන.