(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි වශයෙන් සේවය කළ අනුරාධපුර කරුන්දන්කුලම 4 වැනි පටුමග ලිපිනයේ එච් එම් රණසිංහ පේ‍්‍රමසිරි නැමැත්තාට එරෙහිව දුෂණය නැමැති වරද යටතේ නඩු පවරන ලෙස බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.
පීසීඅයි/952/2015 සහ පීසීඅයි/771/2015 අංක දරන අදාළ ජනාධිපති කොමිසන් සභා නිර්දේශිත වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන්ය.
හතුරුසිංහ මුදියන්සේලාගේ රණසිංහ පේ‍්‍රමසිරි නැමැත්තා උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි වශයෙන් 2012-12-06 වැනි දා පත් කර ඇත. මොහු අනුරාධපුර සුදර්ශනබෝධි විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් සේවය කර ඇති අතර එලෙස සේවය කරන අතර උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි වශයෙන් කටයුතු කිරීමට සේවයෙන් මුදා හැර ඇත.
මෙම පරික්ෂණයේ දී අනාවරණය වූයේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2013 04 22 දිනැති ලිපිය මගින් එදින සිට ක්‍රියාත්මක වන පරිදි මොහුගේ එකී පත්වීම අවසන් කර ඇති බවයි.
2013 04 22 දිනෙන් පසුව හා 2015 01 08 දින අතර කාලය තුළ මොහු ඉහත කී විදුහලේ සේවයට වාර්තා කර ගුරු වෘත්තීයේ කටයුතු ඉටු කර නැති බව අනාවරණය වී ඇත.
රණසිංහ පේ‍්‍රමසිරි නැමැත්තා මහජන සම්බන්ධතා නිලධාරි තනතුරෙන් ඉවත් කළ පසුව ඔහු ප්‍රධාන අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ හෝ විශේෂ ව්‍යපෘති අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සේවය කිරීම සඳහා නීත්‍යානූකූල පත්වීමක් ලබා තිබු බවත් මෙම පරික්ෂණයේ දී අනාවරණය වූයේ නැත.
ඒ අනුව රණසිංහ පේ‍්‍රමසිරි නමැත්තා 2013 04 22 වැනි දා මහජන සම්බන්ධතා නිලධාරි තනතුරෙන් ඉවත් කළ පසුව නියමිත රාජකාරිය වන අනුරාධපුර සුදර්ශනබෝධි විද්‍යාලයේ රාජකාරි සඳහා වාර්තා නොකර නිත්‍යානූකූල රාජකාරියක් ඉටු නොකොට 2015 01 08 වැනි දා දක්වා ගුරු වෘත්තිය සඳහා හිමි රුපියල් හය ලක්ෂ හැත්තෑ එක් දහස් එකසිය පනස් පහක (671155) වැටුපක් ලබා ගැනීම තුළින් දුෂණය නැමැති වරද මෙන්ම සාපරාධී සාවද්‍ය පරිහරණය නැමැති වරද සිදු කර ඇති බව මෙම කොමිසන් සභාවේ මතය වේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මොහුට විරුද්ධව නඩු පවරන ලෙසට නිර්දේශ කරනු ලැබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගුරු වැටුප් වංචනිකව ගත්තාට නඩු පවරන්න’යි නිර්දේශ