(ජේ.කේ.එල් චාමින්ද සහ ඩි.ජි සුගතපාල)
ගාල්ල මහ නගර සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය අද (13) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීමේ දී වැඩි ඡන්ද 19 කින් සම්මත විය.
රැස්වීම නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහනගර සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 03 ක් ලැබුණි.
ගාල්ල මහනගරධිපති ප්‍රියන්ත සහබන්දු මහතා විසින් 2020 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය වැඩි ඡන්දයෙන් සම්මත විය.
අයවැය ලේඛනයට පක්ෂව නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, මහතා සමඟ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 12 දෙනෙකු, නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා සමඟ එජාප මන්ත්‍රීවරු 07 දෙනෙකු සහ ස්වාධීන මන්ත්‍රී අනුරාධ ගයාන්, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ලක්මාල් ජයවර්ධන යන මහත්වරු හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීනි රෝහිණි චන්ද්‍රකාන්ති මහත්මිය ඡන්දය ප්‍රකාශ කළහ.
අයවැයට විරුද්ධව සුනිල් ගමගේ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 03 දෙනා ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය විමසන අවස්ථාවේ එජාපයේ ජිලිත් නිශාන්ත මහතා සමඟ එජාප මන්ත්‍රිවරු 06 දෙනෙකු සභාවේ නොසිටි අතර එජාප මන්ත්‍රී ගුණසෝම ගමගේ මහතා අද පැවති නගර සභා රැස්වීමට සහභාගි නොවිය.
එමෙන්ම ඡන්දය විමසන අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කැළුම් සෙනෙවිරත්න, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දේශප්‍රිය ලියනගේ යන මහත්වරු සභාවී නොසිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 19 කින් සම්මතයි