IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගස් කැපුවැයි අම්පාර රෝහලෙන් පැමිණිල්ලක්

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර මහ රෝහලේ පරිසරය අලංකාර කිරිම සඳහා සිටුවන ලද ගස් කිහිපයක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් කපා දමා ඇතැයි එම  රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා අම්පාර විදුලි ඉංජිනේරුවරයාට පැමිණිලි කර තිබේ.

රෝහලේ ඇති විදුලි රැහැන් පද්ධතියට ආසන්නව ඇති ගස් කැපිමට පැමිණි විදුලි මණ්ඩල සේවකයින් විසින් ගස්වල අතු කපනවා වෙනුවට ගස්වල කඳෙන් කපා දමා විශාල විනාශයක් කර ඇති බව වෛද්‍ය අධිකාරිවරයා යවන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.
 
රෝහල තිබු පරිසර පද්ධතියට කරන ලද විනාශයට විදුලිබල මණ්ඩලයෙන් වන්දියක් ඉල්ලන බවද වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා කීය.

මේ පිළිබඳව අම්පාර විදුලි අධිකාරිවරයාගෙන් විමසිමේදී ඔහු පැවසුවේ මෙම රෝහල තුළින් අධි බලැති විදුලි මාර්ගයක් ගමන් කරන අතර ගස්වල අතු වැදිම නිසා මෙම විදුලි මාර්ගයේ විදුලිය නිතර විසන්ධි වෙන බවයි.

මෙම අතු කපන අවස්ථාවේ අම්පාර මහ රෝහලේ ප‍්‍රධාන පරිපාලන නිලධාරිවරයා සිටි බවද ඒ මහතා පැවසීය.විදුලිබල මණ්ඩලයේ ප‍්‍රමිතිය වන්නේ අධි විදුලි රැහැන් මාර්ගයක යට ඇති ගස්වල අතු නියමිත ප්‍රමාණය දක්වා කප්පාදු කිරිම බවද ඒ මහතා කීය.



අදහස් (4)

ගස් කැපුවැයි අම්පාර රෝහලෙන් පැමිණිල්ලක්

lanka Tuesday, 07 November 2017 08:22 AM

ගහක කොලක අගය දන්නැති ගොබ්බ මිනිස්සු ඉන්නේ ගොඩක් තැන වල ... අපේ ගෙදරත් ඉස්සරහ වවල තිබ්බ ගස් ටික ගිය මාසේ දවසක බල්ලෝ කපනවා වගේ කපල ගිහිල්ල. මාර මානසිකත්වයක් මේ මිනිස්සුන්ගේ තියෙන්නේ,,

:       130       198

ධම්මිකTuesday, 07 November 2017 04:59 PM

තමන් හරි විදියට තමන්ගෙ ගස් ටික කපල තිබ්බනම් විදුලි බල මණ්ඩලෙන් කපන විදිය කැතයි කියන්න වෙන්නෙ නෑනෙ.....

:       0       0

best Tuesday, 07 November 2017 03:24 PM

ගස් කපන එක හොඳ නැති උනත් ගස් ටික කෙලින්ම වයර් යට ගස් හිටවන්න කලින් හිතන්න තිබුණා...

:       0       0

ranjith bogoda Tuesday, 07 November 2017 11:20 PM

සහතික ඇත්ත එය ගස් කපන්න එන එවුන් ඒවායේ වටිනාකම කිසිම දෙයක් දන්න එවැන් නෙමෙයි හරක් වගේ ඔක්කොම කපා ගෙන යනවා කිසි හෙවිල්ලක් බැලිල්ලක නෑ මහා ලොකු වීරයෝ වගේ රගපානවා......මොඩයාට බලය දෙන්න එපා.... ස්භාවික සම්පතක අගය තරමක හරි වටහා ගැනීමේ හැකියාවක් ඇති සේවකයින් යොදවනවා නම් හොදයි..... ඒකටත් ලොකක්න්ට මොලේ තියෙන්න එපැයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site