(ඩී.ජී.සුගතපාල)
පසුගිය රජයේ ‘ගම්පෙරළිය’ වැඩසටහන යටතේ කරන ලද ඉදිකිරීම් සඳහා මෙතෙක් මුදල් නොලැබීම හේතුවෙන් තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික්කයේ කොන්ත්‍රාත්කරුවෝ පවසති.
ගම්පෙරළිය වැඩ සටහන ආරම්භ කරනු ලැබුවේ 2018 වසරේදීය. ඒ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය කිරීම, නිවාස ඉදි කිරීම, විහාරස්ථාන ප්‍රතිසංස්කරණය , ක්‍රීඩා පිටි ඉදි කිරීම, පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති 5600ක් පමණ කර ඇත.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ කොන්ත්‍රාත්කරුවන් ගිවිසුම් අත්සන්කර මෙම කටයුතු කර ඇති නමුත් ඔවුනට තවමත් මුදල් ගෙවා නැති බවය. කොන්ත්‍රාත් සඳහා රුපියල් මිලියන 900කට අධික මුදලක් ගෙවා නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
තම රජය බලයට පත්වු අවස්ථාවේ කලින් ආණ්ඩුව යටතේ කරන ලද කොන්ත්රාත්වලට මුදල් ගෙවු බව පැවසු මන්ත්‍රීවරයා ආණ්ඩුමාරුවීමත් සමග කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් නොගෙවන්නේ නම් එය අසාධාරණයක් බවද කියා සිටියේය.
මෙහිදි සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්ත්රී චන්දිම වීරක්කොඩි මහතා මෙම කාරණය මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් ක්‍රම සම්පාදන හා සැලසුම් අධ්යක්ෂ සමන් ජයසේකර මහතාගෙන් විමසු විට කියා සිටියේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන බවය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගම්පෙරළියට වැඩ කළ ගාල්ලේ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා නැහැ