තිලකරත්න දිසානායක
දැඩි සුළං සහිත වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙහි සිදුවු ආපදා තත්ත්වය මත පීඩාවට පත්ව සිටින පවුල් සඳහා ආධාර ලබාදීම සඳුදා (15) ආරම්භ කරන බවත් මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 70 ක මුදලක් ලබාදී ඇති බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් හානි සිදුව ඇති දිවුලපිටිය ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරලීම පිනිස සිදු කෙරෙන කටයුතු සොයා බැලීමට දිසාපති වරයා එම ප්‍රදේශවලට ගියේය. පීඩාවට පත්ව සිටින පවුලකට මුලික වශයෙන් රුපියල් 10000 ක මුදලක් ලබා දෙන බවත් අනතුරුව සිදුව ඇති හානිය පිළිබද තක්සේරු කොට රුපියල් ලක්ෂ 25 කට යටත්ව ජාතික රක්ෂණ භාරකාර අරමුදලන් ආධාර මුදල් ලබාදීම සිදු කෙරෙන බවත් දිසාපතිවරයා කීවේය.
ඉකුත් සිකුරාදා සවස ඇතිවු ස්වභාවික ආපදාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 13 ක නිවාස 208 ක් පුර්ණ වශයෙන්ද නිවාස 461 ක් අර්ධ වශයෙන්ද හානියට පත්ව පවුල් 669 ක සාමාජිකයෝ 3009 දෙනෙක් පීඩාවට පත්වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගම්පහට ආපදා සහන දෙන්න ලක්ෂ 70ක්