රොමේෂ් මධුෂංඛ
පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 436 කට අයත් පුද්ගලයින් 1508 දෙනෙකු ආපදාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.
මේ අනුව අද (09) වන විට ගංවතුර හේතුවෙන් වැඩිම පිරිසක් ආපදාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වන අතර එය පවුල් 228 කට අයත් පුද්ගලයින් 836 දෙනෙකු වෙයි.
ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 202 කට අයත් පුද්ගලයින් 647 දෙනෙකු ද වව්නියාවේ පවුල් 5 කට අයත් පුද්ගලයින් 21 දෙනෙකු ද යාපනය දිස්ත්‍රික්කයේ පවුලකට අයත් පුද්ගලයින් සිව් දෙනෙකු ද විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.
ගංවතුර ගැලීම හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව සිටින කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුවියාරු හා ආනන්දපුරම් ප්‍රදේශයන්හි ගංවතුරින් නිවාස 16 ක් යට වී ඇති අතර විපතට පත් 300 ක් පමණ දෙනා වෙනුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ අධීක්ෂණයන් පරිදි 7 වැනි පාබල රෙජිමේන්තුවෙන් යුද හමුදා සෙබලුන් විසින් වියළි ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගංවතුරින් උතුරේ 1500 ක් ආපදාවට