(රංජිත් රාජපක්ෂ )
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම අවම කිරිම සදහා කෙසෙල්ගමු ඔය කපා පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව භාර ගත් කොන්ත්‍රාත්කරු එම කොන්ත්‍රාත්තුව සිදු කිරිමට නොහැකි බව අද (13) පැවසිමත් සමඟම නොර්වුඩ් ප්‍රදේශවාසින් හා කොන්ත්‍රාත්කරු අතර නෙසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.
කාසල්රි ජලාශයට බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය වැසි දින වලදි නොර්වුඩ් ප්‍රදේශයේදි පිටාර ගැලිම නිසා ගග අසල පිහිටි නිවාස කිහිපයක් අවස්තා කිහිපයකදි ජලයෙන් යට විම නිසා අපදා කළමණාකරණ අමාත්‍යංශය විසින් එම ගග කපා පුළුල් කිරිමට රුපියල් ලක්ෂ 28 ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි.
කෙසෙල්ගමුඔය පිටාර ගලන ස්ථානයේ බහුලව මැණික් ඉල්ලම් තිබෙන නිසා එම ගග පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනිමට දැඩි තරගකාරිත්වයක් පැවති අතරල තලවකැලේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් එම ගග පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලක්ෂ 14 කට අපදා කළමණකාරන ඒකකය මගින් ටෙන්ටර් මගින් ලබාගෙන තිබුණි.
කෙසෙල්ගමුඔයේ මැණික් ඉල්ලම් තිබෙන නිසා ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය මගින් ගග කපා පුළුල් කිරිමේදි කපා ඉවත් කරන පස්වල ඇති මැණික් ඉල්ලම් ලබාගැනිම සදහා ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවෙකු විසින් ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරිය මගින් සිදු කරන ලද වෙන්දේසියකින් එය රුපියල් ලක්ෂ 58 ක මුදලකට ලබාගෙන තිබුණි.
ගඟ පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු විසින් ගඟ පුළුල් කිරිමේ කටයුත්ත පසකලා ගං ඉවුරේ ඉවුරු ඛාදනයට වගා කර ඇති උණ පදුරු සහ උණ ගස් කපා පරිසර විනාශ සිදු කරමින් ගඟ පුළුල් කිරිමේ කටයුතු සිදු කළ නිසා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සහ නුවරඑලිය අපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරිමට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කොලන්දවෙල් මහතා විසින් කටයුතු කර තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෙසෙල්ගමු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු නතරකරලීමෙන් නොසන්සුන්තාවක්