(අජිත්ලාල් ශාන්තඋදය)
නිසි රථවාහන සැලසුමක් ක්‍රියාත්මක නොවන කුරුවිට නගරයට ඔත්තේ ඉරට්ටේ වශයෙන් දින වෙන්කර වාහන නැවැත්වීමේ සැලසුමක් හඳුන්වාදෙන ලෙස රත්නපුර සහකාර පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රෙස්න මහතා කුරුවිට පොලිසියට දැනුම් දුන්නේය.
‘කුරුවිට සුන්දර නගරයක් කිරීමට එක් වෙමු‘ මැයෙන් කුරුවිට වෙළඳ ව්‍යාපාරිකයින් සහ රථවාහන රියදුරන් නව රථ වාහන සැලැස්ම පිළිබඳව දැනුවත් කරමින් ඒ පිළිබඳව ඔවුන්ගෙන් අදහස් ලබා ගැනීම සඳහා පැවැති සම්මන්ත්‍රණයකදී පොලිස් අධිකාරීවරයා මේ බව දැනුම් දුන්නේය.
ඒ අනුව ලබන සතියේ සිට මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වීමට නියමිතය.
එම සැලසුම ක්‍රියාත්මක වීමෙන් පසු කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ධාවනය වන වාහන අවහිර වන ලෙස මාර්ග සීමාවේ ඇති අනවසර ඉදිකිරීම් හා තාවකාලික වෙළඳසැල් ද මංමාවත් පනත උල්ලංඝණය වන ලෙස ස්ථාපිත කර ඇති ත්‍රිරෝද ගාල් ද ඉවත් කරන ලෙස කුරුවිට ප්‍රාදේශීය සභාවෙන් සුහද ඉල්ලීමක් කරන ලෙසත් දැනුම් දුන් පොලිස් අධිකාරීවරයා ඔවුන් ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් මංමාවත් පනතෙන් අධිකරණයට දන්වා මේ බව ප්‍රාදේශිය සභා ලේකම්වරයාට එම බාධා ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ගන්නැයිද පැවසීය.
එසේම නගරයේ දැඩි වාහන තදබදයකට හේතුවී ඇත්තේ රත්නපුර දෙස සිට පැමිණෙන බස් නැවතුම හෙයින් එය ගෝනපිටිය හන්දිය දෙසට ගෙනයාමට ක්‍රියා කරන ලෙසද සහකාර පොලිස් අධිකාරීවරයා පොලීසියට උපදෙස් ලබා දුන්නේය.
කුරුවිට ප්‍රාදේශිය ලේකම් දිලිනි ධර්මදාස මහත්මිය, කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතාද මෙහිදී අදහස් දැක්වුහ.
මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු ඩබ්.පී.ජේ.එල්.ජීවන් , පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයවිලාල් යන මහත්වරුද, ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් විදුලි ඉංජිනේරුවරයෙක් , මහජන සෞඛ්‍ය පරීක්ෂකරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුරුවිටට නව රථවාහන සැලැස්මක්