තුසිත කුමාර ද සිල්වා
පැවැති වැසි සහිත කාලගුණික හා කුණාටු තත්වය හේතුකොට ධීවර කටයුතු සඳහා තහනම් කර තිබූ කුඩා ධීවර යාත්‍රා සඳහා යළි අද (25) සිට මසුන් ඇල්ලීමේ කටයුතු වලට අවස්ථාව ලබාදීමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළහ.
දිස්ත්‍රික්ක මට්ටමින් ඇති ප්‍රාදේශීය ධීවර කාර්යාල හරහා අදාළ අවසරය ලබා දීමට කටයුතු කරන බව ධිවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විට පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යම් තරමක් පහව ගොස් යහපත් තත්ත්වයක් ධීවර කටයුතු සඳහා පෙන්නුම් කරන බැවින් එම අවසරය ලබා දීමට තීරණය කර ඇති බව ධිවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා සඳහන් කළහ.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශවලට ගසා ගෙන ගොස් තිබූ ශ්‍රී ලංකා බහුදින යාත්‍රා යළි ගොඩබිමට රැගෙන එමින් පවතින බව ධීවර අමාත්‍යංශය පවසයි.
ඉන්දුනීසියානු මුහුද ප්‍රදේශයට ශ්‍රී ලාංකික බහුදින යාත්‍රා 30ක් කුණාටු තත්ත්වය හේතුවෙන් ගසාගෙන ගොස් තිබූ අතර ඉදිරි දින හතර ඇතුළත එම යාත්‍රා මෙරට ධීවර වරායන් වෙත ළඟා වනු ඇති බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුඩා ධීවර බෝට්ටුවලට ධීවර කටයුතුවලට අද සිට අවසර