අංජුල මහික වීරරත්න
දිවයින පුරා කරගෙන යන කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිරි දීමනාවක් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වලට අද (15) උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත උපදෙස් දුන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පුර්ණ කාබනික පොහොර ධාරිතාවය ඉදිරි වසර 5ත් 6ත් අතර දී සම්පුර්ණයෙන්ම සපුරා ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රධානවී කළ ඉල්ලීමක් අනුව ග්ලයිෆොසෙට් කෘෂි රසායනිකය ලංකාවට ගෙන ඒම අත්හිටුවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය.
වී වගාව ඇතුළු ශ්‍රී ලංකාවේ කෙරෙන ආර්ථික බෝග සඳහා අවශ්‍ය පොහොර අතුරින් කාබනික පොහොර සපයා ගැනීමට ඇති ප්‍රබල හිඟය නිසා රසායනික පොහොර භාවිතය තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දී ඇත.
ඉහත කරුණු සියල්ල සලකා බැලු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන ලෙස කාබනික පොහොර සහනාධාරය දෙන ලෙස අදාල අංශ වෙත උපදෙස් නිකුත් කරනු ලැබීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාබනික පොහොර නිශ්පාදකයන්ට දීමනාවක්