(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කොතලාවල පදික මාරුව මතින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවළගෙන් කාන්තාව මෝටර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් බස් රථයකින් වැටුණු බව පවසා බණ්ඩාරගම නගරයේ ත්‍රී රෝද රථ රියැදුරෙකුට බාර දී පලාගිය පුද්ගලයකු දින 11කට පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබුයේ කොතලාවල පදිංචි 65 හැවිරිදි කාන්තාවකි. එම අනතුරින් පසු එම කාන්තාව දින තුනක කාලයක් සිහිසුන්ව සිට ඇති බව පොලිසිය පවසයි.
ඉකුත් 9 වැනි දින බරපතල තුවාල ලද කාන්තාව සැමියා සමඟ බණ්ඩාරගම ගැලණිගම ප්‍රදේශයට අත්‍යවශ්‍ය කරුණක් සඳහා ගොස් නැවත පැමිණ නිවසට යාම සඳහා කොතලාවල හන්දියේ පදිකමාරුව මතින් ගමන්කරමින් සිටියදී හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී සැකකාර රියැදුරු තුවාල ලද කාන්තාව හා ඇයගේ සැමියා රෝහලට රැගෙන යන මුවාවෙන් එම ස්ථානයෙන් රැගෙන ගොස් ළගම පිහිටි බණ්ඩාරගම රෝහලට රැගෙන නොගොස් බණ්ඩාරගම කලුතර මාර්ගයේ ත්‍රී රෝද රථ ගාල වෙත පැමිණ තිබූ බව පොලිසිය පවසයි.
එහිදී ත්‍රීරෝද රථ රියැදුරා අමතා ඇති සැකකරු මෙම කාන්තාව බස් රථයකින් බසිද්දී වැටුණු බවත් තමන් හදිසි අවශ්‍යතාවයකට පිටත්ව යාමට ඇති හෙයින් මෙම කාන්තාව රෝහලට රැගෙන යන ලෙස පවසා ඇතැයි පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාන්තාව අනතුරට ලක් කළ පළා ගිය පුද්ගලයෙක් දින 11 ට පසු අත්අඩංගුවට