(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම බෝගහවැව ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණ.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම සිරුර සොයා ගෙන තිබිණ. මියගොස් ඇත්තේ බෝගහවැව දඹුලුහල්මිල්ලවැව ලිපිනයේ පදිංචිව සිටි එස්.එම්.චන්ද්‍රා නාලනී නමැති 60 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි.
ඊයේ රාත්‍රී 7.00ට පමණ අවසන් වරට ඇය සිය නිවස පසු පස ඉදිකර ඇති නාන ස්ථානයේ දිය නාමින් සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මිය ගිය කාන්තාව දිය නාමින් සිටි බව කියන ස්ථානයට මීටර් 20ක් පමණ දුරින් පිහිටි අනාරක්ෂිත ළිඳ තුළ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබිණ. සිද්ධිය සිදුවන අවස්ථාවේ ඇයගේ සැමියාද නිවසේ රැදී සිට ඇති අතර ඇය දිය නාමින් සිටි ස්ථානයේ නොමැති බව සැළ වීමත් සමග ඔහු අසල්වැසියන්ට ඒ බව දන්වා ඇති බව පොලිසිය කියයි. පසුව අසල්වැසියන් එක්ව කළ සෝදිසියකදී මිය ගිය කාන්තාවගේ සිරුර ළිඳේ පාවෙමින් තිබියදී ඔවුන්ට හමුව තිබූ බව පොලිසිය කියයි.
මූලික විමර්ශණ අනුව එම කාන්තාවගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක කරයි. අදාළ කාන්තාවගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් සිදු කරමින් සිටී.
ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් සී පෙරේරා මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එම වැඩි දුර විමර්ශණ සිදුකෙරෙන අතර එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද 17 කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය මගින් පැවැත් වීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කාන්තා මළසිරුරක් ළිඳකින් හමුවේ