IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කල්පිටියේ ගොවීන්ට රජයෙන් දුන් සූර්ය පැනල සාර්ථක නෑ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කල්පිටිය අර්ධද්වීපයේ වගාකරුවන්ට සියයට පනහ දායකත්වය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ වයඹ පළාත් සභාව එක්ව ලබා දි ඇති සූර්ය පැනල කට්ටල සියල්ලම සවිකළ දා සිට නිසි ප්‍රයෝජනක් ලබා ගැනීමට නොහැකිවීම නිසා අතහැර දමා ඇති බව ගොවීහු චෝදනා කරති .

 
පසුගිය 2017  වසරේ  සිට 2018 අප්‍රේල් මස දක්වා  කල්පිටි අර්ධද්වීපයේ මාම්පුරිය , එත්තාලේ , තලවිල , ගම්මාන කෙන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රදේශවල එළවළු සහ අනිකුත් වගාවන් වල නිරත වන ගොවින් 25 ක් සඳහා මෙම සූර්ය පැනල කට්ටල ලබා දි තිබුණේ විකල්ප බලශක්ති මගින් තම වගාවන්ට ජලය සපයා ගැනිමේ අරමුණ මුල් කර ගනිමිනි. 
 
මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සහ වයඹ පළාත් සභාව එක්ව අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබූ අතර සූර්ය පැනලයක් රුපියල් ලක්ෂ හතරක (400,000.00) මිළට නම් කර තිබුණි.  ඒ අනුව ගොවි මහතකු විසින් සියයට පනහ දායකත්වය යටතේ  රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් ලබා දීම සිදු ව තිබූ බව කියයි.
 
ඇතිවී ඇති  තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පාලකුඩාව ප්‍රදේශයේ ගොවි මහත්මයකු වන සම්පත් මීලර් මහතා මෙසේ  පැවසීය. 
 
  “ ලබා දි ඇති සූර්ය පැනල පිළිබඳව අපි තුළ ඇත්තේ යහපත් ආකල්පයක් නොවෙයි .මොකද මේ පැනල වලින් හොද ප්‍රථිපල තිබේන්නේ තදින් අව්ව තිබේන වේලාවට පමණයි . යන්තම් හරි වැහි කළුවක් තිබුනොත් කොහොමත් වැඩ නැහැ . අනික මෙහි විදුලිය ගබඩා කරන්න පහසුකම් නැහැ . වගාවන් වලට වතුර දාන වේලාවල් වලට මේ පැනලය වැඩ නැහැ . මොකද උදේ පාන්දර අපි වතුර දාලා 10 වෙනකොට නවත්වනවා ඒ කාලය තුළ අපිට සූර්ය පැනලයෙන් මොටර් වලට අවශ්‍ය විදුලි ධාරිතාව දෙන්නේ නැහැ . හැබැයි අපි වතුර දාන්නේ නැති දවල් 11 ඉදලා දෙක තුන වෙනකම් වැඩ .අපි කියන්නේ මේ නිසා මේ පැනල අපිට නිසි ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට සකස් කර දෙන්න යැයි ඔහු පැවසීය.
 
මේ පිළිබඳව කළ විමසිමේදී දැනට සිදුව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ වයඹ පළාත් කෘෂීකර්ම ඇමැති සුමල් තිසේරා මහතා මෙසේ පැවසීය. 
 
  “ මේ සූර්ය පැනල කට්ටල වලින් සියයට සියයක් සාර්ථකයි කියලා අපි කියලා ගොවින්ට දුන්නේ නැහැ . මොකද යම් යම් ගැටළු තිබෙන්න පුළුවන්. සාර්ථක ප්‍රථිපල ගන්න නම් ලක්ෂ අටක් දහයක් සූර්ය පැනලයකට වියදම් කරන්න වෙනවා.



අදහස් (7)

කල්පිටියේ ගොවීන්ට රජයෙන් දුන් සූර්ය පැනල සාර්ථක නෑ

E.j.ඩිලාන්, Wednesday, 18 July 2018 04:42 PM

මෙම ප්‍රශ්ණය ඇතිවන බව දැනගෙන තමයි මම එදා මෙය මේ ආකාරයට නොව, net metering or net accounting යන ක්‍රමයකට යන්න යෝජනා කලේ. දැන් තවම ප්‍රමාද නෑ. සුභ පතනවා.

:       1       14

gama Wednesday, 18 July 2018 05:59 PM

අව්ව තියෙන වෙලාවේ උස ටැංකියක් හදල වතුර ටික පොම්ප කර ගත්ත නම් හරිනේ?

:       4       68

tommyWednesday, 18 July 2018 08:11 PM

මෙන්න මසුරන් අදහසක්.

:       0       0

PJ Thursday, 19 July 2018 12:27 AM

ගැලපෙන අධි ධාරිතාවයක බැටරි පද්ධතියක් අදාළ දැනුම ඇති අයෙකු ලවා යා කර ගන්න.

:       1       0

Asanka Thursday, 19 July 2018 03:32 AM

ඔය පැනලය උඩ අගේට කරවල ටිකක් වේලාගන්න පුළුවන් නේද?

:       1       1

himal Thursday, 19 July 2018 03:55 AM

ඉතිං දෙයියනේ අව්ව තියෙන වෙලාවට තමයි සූර්ය පැනලයට විදුලිය නිපදවන්න පුළුවන් වෙන්නේ. මහ කලුවරේ කොහොමද විදුලිය නිපදවන්නේ?

:       0       4

NIRESH Thursday, 19 July 2018 04:22 AM

මේ ඇමති කියල තියෙන්නේ හෙනගහන කතාවක්නේ. මිනිස්සුන්ට හරි දේවල් කියල නෙමේද මේවා දීල තියෙන්නේ. මහලොකුවට සියයට පනහක දායකත්වයක් කියනවා. කොහෙන් හරි කුණු ගොඩක් ගෙනල්ල එක හොදද නරකද කියල දන්නේ නැතුව අහිංසක මිනිස්සුන්ව රවට්ටලා එකෙනුත් ගසා කනවා. මේවට ගහන හෙන පරම්පරා ගානකට වදිනවා මේ හොරුන්ට.

:       1       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site