ජේ.කේ.එල්.චාමින්ද
කඩු ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයකුගේ වම් අතේ මැණික් කටුවට පහලින් වෙන්ව තිබු කොටස සාර්ථක සැත්කමකින් පසු යලි බද්ධ කිරිමට කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරුන් සමත්ව ඇත.
මේ සදහා ප්ලාස්ටික් හා විකලංග ශල්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ ද සහාය හිමිවි ඇත.
කඩු ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ව්‍යාපාරිකයකු වන අතර ඔහු හික්කඩුවේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගි වෙමින් සිටියදී කඩු ප්‍රහාරයට ලක්ව ඇති බැව් හික්කඩුව පොලිසිය කියයි.
කඩු ප්‍රහාරයට ලක්වීමෙන් මේ පුද්ගලයා වම් අතේ මැණික් කටුවට පහලින් වූ කොටස වෙන්ව ගොස් තිබූ අතර එම අතේ කොටස ද සමඟ තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.
නහර හා අවයව බද්ධ කිරිමේ ඒකකයේ ප්‍රධානී විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක ඔඹේසිරි, විශේෂඥ ප්ල්ස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න, වෛද්‍යවරුන් වන කපිලාන් රංජන්, ගිහාන්, කසුන් ,මුදිත යන වෛද්‍යවරු මෙම සැත්කම සඳහා එක්වුහ.
සැත්කම සඳහා පැය පහක් පමණ ගතවී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කඩු ප්‍රහාරයෙන් වෙන්ව ගිය අත කරාපිටියේදී බද්ධ කරයි